“උරුමය” සින්නක්කර ඔප්පු දීම වේගවත් කිරීමට ජුනි 26-30 දක්වා ජංගම වැඩසටහනක්
2024-06-22 15:50:31
Share with:

සින්නක්කර ඉඩම් ඔප්පු  ලක්ෂ 20ක් ලබාදීමේ "උරුමය"  ජාතික වැඩසටහන වේගවත් කිරීමේ අරමුණින් සමස්ත රටම ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් මෙම  26 සිට 30 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට උරුමය ජාතික මෙහෙයුම් ලේකම් කාර්යාලය  කටයුතු කර ඇත. 

ඉඩමක් සඳහා සින්නක්කර ඔප්පුවක් ලබාදීමට අවශ්‍ය සියලුම රාජ්‍ය නිලධාරීන් ගමට ගොස් ජනතාවගෙන් තොරතුරු ලබාගෙන කඩිනමින් සින්නක්කර ඔප්පු නිකුත් කිරීමට මෙමඟින් බලාපොරොත්තු වන බව කෘෂිකර්ම ඵලදායිතා සහ  ඉඩම් ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පැවසුවාය.

මේ වනවිට රට පුරාම ‘උරුමය’ වැඩසටහනෙන් ඔප්පු 50000ක් පමණ ලබා දී තිබේ. මේ වැඩසටහන සක්‍රීයව රට පුරා ක්‍රියාත්මක කෙරෙන අතර තවත් වේගවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

 

 

 

 

 

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම