ජපානයේ නීති විරෝධී ඒකපාර්ශ්වික සම්බාධකවලට චීනයේ දැඩි විරෝධය
2024-06-22 15:39:35
Share with:

චීනය පදනම් කරගත් සමාගම්වලට එරෙහිව ජාත්‍යන්තර නීතියේ කිසිදු පදනමක් නොමැති ජපානයේ ඒකපාර්ශ්වික සම්බාධක චීනය දැඩි ලෙස හෙළා දකින අතර ඊට දැඩි ලෙස විරුද්ධ වෙයි.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (21) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මේ බව පැවසීය.

ජපානයේ විදේශ අමාත්‍යාංශය 21 වැනිදා නිවේදනය කළේ රුසියාව සමඟ ගනුදෙනු කරන පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට එරෙහිව, නව සම්බාධක වටයේ කොටසක් ලෙස චීනය පදනම් කරගත් සමාගම්වලට වෙළඳ සීමාවන් පනවා ඇති බවයි.

ජාත්‍යන්තර නීතියේ කිසිදු පදනමක් නොමැති ඒකපාර්ශ්වික සම්බාධකවලට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවත්, සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව රුසියාව සමඟ සාමාන්‍ය වෙළඳ හා ආර්ථික සහයෝගීතාවක් පවත්වාගෙන යාම චීනයේ නීත්‍යානුකූල අයිතිය බවත් Lin Jian මහතා පැවසීය. එවැනි සහයෝගීතාව වෙනත් පාර්ශ්වයන් විසින් කඩාකප්පල් කිරීම හෝ යටපත් කිරීම නොකළ යුතුය. චීනයේ සාධාරණ ස්ථාවරය නොසලකා හරිමින් වෙනත් රටවල් මෙම අසාධාරණ පිළිවෙත අනුගමනය කිරීමට ඉඩ ඇති බවත්, චීනයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ස්ථිර වශයෙන්ම ගන්නා බවත් Lin Jian මහතා ජපානය වෙත දන්වා සිටින බව සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම