දරුවන්ට වඩා හොඳ රටක් නිර්මාණයට කැපවන බව ජනපති පවසයි
2024-06-22 15:44:00
Share with:

දැයේ දරුවන් වෙනුවෙන් ඉදිරි වසර 5-10 තුළ වඩා හොඳ රටක් නිර්මාණය කර දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ජනාධිපතිවරයා ලෙස මේ රටේ කිසිම දරුවෙකුට දුක් විඳීමට ඉඩ නොතබන බවට තමා තීරණය කළ බවත් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට තමා කැපවූයේ ඒ වෙනුවෙන් බවත් හෙතෙම අවධාරණය කළේය.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පසුගිය දා පැවැති උත්සවය අමතමිනි.

අධ්‍යාපන කලාපයකින් 2022 (2023) වර්ෂයේදී අ.පො.ස (උ.පෙළ) හදාරන සිසු දරුවන් 60 බැගින් තෝරාගෙන කලාප 100ක් ආවරණය වන පරිදි එක් දරුවකුට මාසිකව රුපියල් 6,000 බැගින් සිසුන් 6000ක් සඳහා වසර 2ක කාලයකට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම මේ යටතේ සිදු කෙරේ. 2024 මාර්තු මස සිට ඒ දරුවන්ගේ අ.පො.ස (උ.පෙළ) අවසන් වන තෙක් අදාළ ශිෂ්‍යත්ව ලබාදීම සිදු වනු ඇත.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම