8 වන චීන-දකුණු ආසියා වෙළඳ ප්‍රදර්ශනය ජූලි මාසයේ දී
2024-06-22 17:37:46
Share with:

8 වන චීන-දකුණු ආසියා වෙළඳ ප්‍රදර්ශනය එළඹෙන ජූලි මස 23 වැනිදා සිට 28 වැනිදා දක්වා චීනයේ කුන් මිං නගරයේදී පැවැත්වීමට නියමිත ය. චීන වාණිජ අමාත්‍යාංශය සහ යුන් නැන් පළාත් රජය ඒකාබද්ධව එම වෙළඳ ප්‍රදර්ශනය සංවිධානය කරයි. ප්‍රදර්ශනයට එක්වන නිෂ්පාදන වර්ගීකරණය කර අදාළ ප්‍රදර්ශන කලාප වෙන් කිරීම පළමු වරට සිදු කෙරේ. එමෙන් ම විදේශ වෙළඳාම වෙනුවෙන් මෙවර චීන-දකුණු ආසියා වෙළඳ ප්‍රදර්ශන‍යේ ප්‍රථම වරට විස්තීර්ණ සේවා කලාපය ස්ථාපිත කෙරේ. 8 වන චීන-දකුණු ආසියා වෙළඳ ප්‍රදර්ශනය මාර්ගගත ව හා මාර්ගගත නොවන ආකාරයෙන් පැවැත්වෙනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම