චීන, නයිජීරියානු විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා
2024-06-22 16:34:58
Share with:

චීන විදේශ අමාත්‍ය වං යී මහතා ඊයේ (21) බෙයිජංහි දී නයිජීරියානු විදේශ අමාත්‍ය Yusuf Maitama Tuggar මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය. චීන-නයිජීරියා අන්තර් රාජ්‍ය කමිටුවේ පළමු පූර්ණ සැසිවාරයට ද විදේශ අමාත්‍යවරුන් දෙදෙනා සහභාගි වූහ.

චීන-නයිජීරියා අන්තර්-රාජ්‍ය කමිටුව යනු චීනය සහ අප්‍රිකානු රටවල් අතර පිහිටුවන ලද පළමු අන්තර්-රාජ්‍ය කමිටු යාන්ත්‍රණයයි. වං යී මහතා මෙහිදී පැවසුවේ නයිජීරියාව පුළුල් බලපෑමක් ඇති ප්‍රධාන අප්‍රිකානු රටක් බවයි. චීන-නයිජීරියා සබඳතාවල යහපත් වර්ධනය චීන-අප්‍රිකා සබඳතා සඳහා ආදර්ශයක් සහ මාර්ගෝපදේශයක් වනු ඇති බවත් සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කරන හොඳ හවුල්කරුවෙකු ලෙස නයිජීරියාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බවත් වං යී මහතා පැවසීය.

යූසුෆ් මයිටාමා ටුගර් මහතා පැවසුවේ, නයිජීරියාව එකම චීනය මූලධර්මයට නොසැලී අනුගත වන අතර ඉහළ මට්ටමේ හුවමාරු ශක්තිමත් කිරීමට, උපාය මාර්ගික සන්නිවේදනය ගැඹුරු කිරීමට සහ චීනය සමඟ සමීප ප්‍රායෝගික සහයෝගීතාවයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවයි. ගෝලීය දකුණේ රටවල් එක්සත් කිරීමට, බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීමට සහ සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමට නයිජීරියාව චීනය සමඟ අත්වැල් බැඳ ගැනීමට කැමැත්තෙන් සිටින බව ද ඔහු පැවසීය.

සැසිවාරයෙන් අනතුරුව දෙපාර්ශවය පළමු පූර්ණ සැසිවාරයේ ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කළහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම