චීන අග්‍රාමාත්‍යවරයා 15වැනි ලෝක ආර්ථික සංසදයට සහභාගී වේ
2024-06-22 14:49:52
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා ලබන 25වැනිදා චීනයේ Dalian නගරයේ හි පැවැත්වෙන 15වැනි ලෝක ආර්ථික සංසදයට සහභාගී වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි. එහිදී Li Qiang මහතා විශේෂ දේශනයක් පවත්වනු ඇත. ඔහු ලෝක ආර්ථික සංසදයේ සභාපති Klaus Schwab මහතා හා විදේශීය අමුත්තන් හමුවනු ඇති අතර, විදේශීය ව්‍යාපාරික කවයන්හි නියෝජිතයින් සමඟ සාකච්ඡා සහ හුවමාරු පවත්වනු ඇත.

පෝලන්ත ජනාධිපති Andrzej Duda මහතා සහ වියට්නාම අගමැති Phạm Minh Chính මහතා මෙම සංසදයට සහභාගී වීමට නියමිතය. රටවල් හා කලාප 80කට ආසන්න ප්‍රමාණයකින් පැමිණෙන දේශපාලන, ව්‍යාපාරික, ශාස්ත්‍රීය සහ මාධ්‍ය කවවලින් නියෝජිතයන් 1600කට අධික පිරිසක් මෙම සංසදයට සහභාගි වනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම