චීනය සමඟ නව යුගයේ විස්තීරණ උපායමාර්ගික සබඳතාව තිරසරව ඉහළ නංවන බව කිර්ගිස්ථාන අගමැති පවසයි
2024-06-22 16:19:11
Share with:

චීනය හා කිර්ගිස්ථානය නව යුගයේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව පවත්වන බව කිර්ගිස්ථාන අග්‍රාමාත්‍ය Akylbek Zhaparov මහතා පවසයි.

Akylbek Zhaparov මහතා මේ අදහස් පළ කළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

පසුගිය වසරේ කිර්ගිස්ථාන ජනාධිපතිවරයා චීනයේ නිල සංචාරයක නිරත විය. ඉන් පසු චීන නායකයන් ද කිර්ගිස්ථානයේ නිල සංචාරයක නිරත විය. එම අවස්ථාවලදී දෙපාර්ශ්වය දෙරටේ ගනුදෙනු වර්ධනය කිරීම, පිරිස් හුවමාරු ප්‍රවර්ධනය හා ජනතාව අතර මනා අන්‍යෝන්‍ය අවබෝධයක් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කර ඇති බව Akylbek Zhaparov මහතා කීය.

පසුගිය වසරේ චීනය හා කිර්ගිස්ථානය අතර දේශසීමා දොරටු දෙකේ ද්විපාර්ශ්වික ගනුදෙනු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 19කට අධික ය. මේ වසරේ තුන්වැනි දේශසීමා දොරටුව විවෘත කිරීමට දෙරටේ රජයන් සම්මත කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

පසුගිය ජූනි මස 6 වනදා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Nurgozhoevich Japarov මහතා හා උස්බෙකිස්ථාන ජනාධිපති Shavkat Miromonovich Mirziyoyev මහතා ඉදිරියේ චීන-කිර්ගිස්ථාන-උස්බෙකිස්ථාන දුම්රිය මාර්ග ව්‍යාපෘතිය පිළිබඳ ගිවිසුමට රටවල් තුනේ අදාළ අමාත්‍යංශ අත්සන් තබා ඇත. එම දුම්රිය මාර්ගය ඉදිකිරීම මගින් මධ්‍යම ආසියාව ශිෂ්ටාචාර අතර හුවමාරු මධ්‍යස්ථානය පමණක් නොව වෙළඳ හා භාණ්ඩ ප්‍රවාහනය මධ්‍යස්ථානය බවට පත් වනු ඇති බව Akylbek Zhaparov මහතා පැවසීය. එය, ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමේ වැදගත් ක්‍රියාවක් බව හෙතෙම අවධාරණය කළේය.

චීනය සංවර්ධන වීමේ රටාව, කිර්ගිස්ථානයට ද ගැලපෙන අතර ඉදිරියේ අඛණ්ඩව චීනය හා සෙසු රටවල සංවර්ධන අත්දැකීම් අධ්‍යයනය කරන බව Akylbek Zhaparov මහතා කීය.

75 වසරක ගමන් මඟ ගෙවා ඇති චීන මහජන සමූහාණ්ඩුවට සාමය හා සමෘද්ධිය අත් වේවා යැයි Akylbek Zhaparov මහතා එහිදී ප්‍රාර්ථනා කළේ ය. දෙරටේ විස්තීරණ උපායමාර්ගික සබඳතාව තිරසරව ඉහළ මට්ටමේ පවතින අතර සංවර්ධන මාර්ගයේ එකිනෙකාට සහය ලබා දෙන බවට  Akylbek Zhaparov මහතා එහිදී අපේක්ෂා පළ කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම