චීන ප්‍රංශ තාරකා විද්‍යාත්මක චන්ද්‍රිකාව දියත් කෙරේ
2024-06-22 16:41:27
Share with:

චීන ප්‍රංශ තාරකා විද්‍යාත්මක චන්ද්‍රිකාව සහිත Long March-2C ප්‍රවාහන රොකට්ටුව අද(22) චීනයේ Xichang චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් සාර්ථකව දියත් කෙරේ.

එම චන්ද්‍රිකාව, චීනය හා ප්‍රංශය ඒකාබද්ධව පර්යේෂණය කරන අභ්‍යවකාශ විද්‍යා චන්ද්‍රිකාවකි. වර්තමානයේ ගෝලීය ගැමා කිරණ පිපිරුම් නිරීක්ෂණය කිරීමට සුදුසුම චන්ද්‍රිකාව එයයි. ගැමා කිරණ පිපිරුම් පර්යේෂණය ඇතුළු අභ්‍යවකාශ විද්‍යා ක්ෂේත්‍රයේ විද්‍යාත්මක පර්යේෂණ වර්ධනයට එය වැදගත් දායකත්වයක් දරනු ඇත.

චීනය හා ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 60 වැනි සංවත්සරය මේ වසරට යෙදේ. ගෙවී ගිය වසර 60 තුළ චීනය හා ප්‍රංශය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ප්‍රායෝගික සහයෝගිතා පවත්වා තිබේ. 2018 වසරේ චීනය හා ප්‍රංශය ඒකාබද්ධව පර්යේෂණය කළ සාගර චන්ද්‍රිකාව සාර්ථකව දියත් කෙරිණ. 2024 වසරේ ප්‍රංශයේ විශේෂ ගවේෂණ යන්ත්‍රය සහිත Chang'e-6 අභ්‍යවකාශ ගවේෂණ යානය සඳෙහි ඈත ප්‍රදේශයට සාර්ථකව ගොඩබැස ඇත. මෙවර තාරකා විද්‍යාත්මක චන්ද්‍රිකාව සාර්ථකව දියත් කිරීම, දෙරටේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ සහයෝගිතාවන්හි මනා නිදසුනක් බවට පත්වේ.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම