තායිවාන බෙදුම්වාදීන්ට නීත්‍යනුකූල දඬුව්ම ලබා දීමට උපදෙස්
2024-06-21 16:31:22
Share with:

චීන මහජන ශ්‍රේෂ්ඨාධිකරණය, චීන මහජන උත්තරීතර පැමිණිලි සැපයුම් මණ්ඩලය, මහජන ආරක්ෂක අමාත්‍යංශය, ජාතිකාරක්ෂක අමාත්‍යංශය හා අධිකරණ අමාත්‍යංශය ඒකාබද්ධව දරදඬු චීන තායිවාන බෙදුම්වාදීන් රට බෙදීම හා ඊට උසිගැන්වීමේ අපරාධයට නීත්‍යනුකූලව දඬුවම් කිරීම පිළිබඳ උපදෙස් නිකුත් කරති. අද (21) සිට එම උපදෙස් ක්‍රියාත්මක කෙරේ.

එම උපදෙස්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නීතිමය පාලන චින්තනය හා නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂය තායිවාන ප්‍රශ්නය විසඳීමේ ප්‍රධාන සැලැස්ම අනුගමණය කරයි. රට‍ බෙදීමට විරෝධී නීතිය, චීන මහජන සමූහාණ්ඩු අපරාධ නීතිය හා අපරාධ නීති සංග්‍රහය ඇතුළු නීති රෙගුලාසීන්ට අනුව දරදඬු තායිවාන බෙදුම්වාදීන් රට බෙදීම හා ර‍ට බෙදීම  උසිගැන්වීමේ අපරාධයට දඬුවම් කිරීමේ ප්‍රමිති හා පටිපාටි එම උපදෙස් මගින් නියම කෙරේ. නීතිමය, විදේශ බලවේග හා සන්නද්ධ ඇතුළු ආකාරවලින් තායිවාන බෙදීමේ ක්‍රියාවන්ට නීත්‍යනුකූලව දඬුවම් කිරීම වෙනුවෙන් එම උපදෙස් ඔස්සේ පැහැදිලි මඟ පෙන්වීම සැපයේ.

එම උපදෙස්හි සඳහන් වන පරිදි පැමිණිලි සැපයුම් මණ්ඩල, පොදු ආරක්ෂක ආයතන හා අධිකරණ ආයතන නීත්‍යනුකූලව රට බෙදීම හා ඊට උසිගැන්වීමේ අපරාධයට දඬුවම් කරමින් ජාතික ස්වාධිපත්‍යය, එක්සත්වීම හා ‍භෞමික අඛණ්ඩතාව දැඩිව රැක ගත යුතු ය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම