ඊශ්‍රායලයට අවි ආයුධ සැපයීම නතර කරන ලෙසට එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් පිරිසක ගෙන් ඉල්ලීමක්
2024-06-21 10:06:47
Share with:

අදාළ රටවල් හා ව්‍යවසායයන් ඊශ්‍රායලයට අවි ආයුධ ලබාදීම වහාම නතර කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥවරු 30කට වැඩි පිරිසක් ප්‍රකාශ කරති.

Lockheed Martin සමාගම, Northrop Grumman සමාගම ඇතුළු ඇමරිකා හා යුරෝපා අවි නිෂ්පාදන සමාගම් ඊශ්‍රායලයට අවි, උණ්ඩ හා සෙසු හමුදාමය උපකරණ ලබාදීම නතර කළ යුතු බවත් අපනයන අවසරපත් වලට අනුව සිදු කෙරෙන ඒවා ද නතර කළ යුතු බවත් එම විශේෂඥවරු ඊයේ(20) ජිනීවාහි සිට ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ ක‍ළහ.

ඊශ්‍රායලය ගාසා තීරයේ ජනකීර්ණ ප්‍රදේශ වෙත ප්‍රහාර එල්ල කරමින් ජන නිවාස, සරණාගතයින්ගේ කඳවුරු, වෛද්‍ය සේවා හා ජල සැපයුම් පද්ධති ඇතුළු ජීවිතයට අතිශයෙන් වැදගත් සිවිල් පහසුකම් ද විනාශ කළ බව එම නිවේදනය පෙන්වා දෙයි. ඊශ්‍රායලයේ අඛණ්ඩ හමුදාමය ප්‍රහාර තුළින්, විශේෂත්වයක් නොදක්වා පහර දීම හා විසමානුපාතික පහරදීම් සිදු කෙරිණ. මේ හේතුවෙන් ඊශ්‍රායලට අවි සැපයූ සමාගම්වල ක්‍රියා, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් විය හැකි බව එම නිවේදනය සඳහන් කරයි. 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම