ඇමරිකාවේ නිදහස් සැමරුම් උළෙලක සිදු වූ වෙඩි ප්‍රහාරයකින් 15 දෙනෙක් තුවාල ලබති
2024-06-21 11:21:24
Share with:

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඕක්ලන්ඩ් හි සිදු වූ වෙඩි තැබීමකින් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට පොලීසිය පවසයි. මෙය සිදුව ඇත්තේ 19 වැනිදා රාත්‍රියේ, නගරයේ Merritt විල ආසන්නයේ පැවති ජාතික නිදහස් දින සැමරුමක් අතරතුර යි.

ඕක්ලන්ඩ් පොලිස් දෙපාර්තමේන්තුව ඊයේ (20) මේ බව නිවේදනය කළේය.

රාත්‍රී 8.15 පමණ වනතුරු නිදහස් සැමරුම සාමකාමීව පැවති බවත්, ඒ අතරතුර ආරම්භ වූ වාහන සහ යතුරුපැදි නීතිවිරෝධී සංදර්ශනයක දී හටගත් ගැටුමක් දුරදිග යාම වෙඩි තැබීමට හේතු වී ඇති බවත් පොලිස් දෙපාර්තමේන්තු ප්‍රධානි Floyd Mitchell මහතා ඊයේ (20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී කියාසිටියේය.

ඕක්ලන්ඩ් හි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පැවසුවේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූවන්  රෝහල් වෙත රැගෙන යාමට පියවර ගත් බවයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම