EPF වෙනුවෙන් ඩිජිටල් දත්ත පද්ධතියක්
2024-06-21 17:36:19
Share with:

මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සේවක අර්ථසාධක අරමුල් (EPF) ගෙවීම්  ඇතුළු දත්ත ලබාගත හැකි ඩිජිටල් දත්ත පද්ධතියක් සකස්

කිරීමට පියවර ගැනේ.

කම්කරු දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය විමර්ශනය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා වී තිබේ. 

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා යෝජකයන් ලියාපදිංචි වීමෙන් පසු අදාළ අර්ථසාධක අරමුදල් මහ බැංකුවට ගෙවීම් සිදු කරන බවත් මහ බැංකුවෙන් සෑම මාස 6කට වරක් ගෙවීම් පිළිබඳව දත්ත කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දීමත් සිදු කෙරේ. මේ වෙනුවට ජනතාවගේ ආරක්ෂාව සඳහා නිරන්තර යාවත්කාලීන විය හැකි පද්ධතියක් කම්කරු දෙපාර්තමේන්තුව සතුවිය යුතුය.

ඩිජිටල් දත්ත පද්ධතියක් වැඩිදියුණු කිරීම සඳහා රජය විසින් ලබාදී ඇති මූල්‍ය ප්‍රතිපාදන නිසිපරිදි භාවිත නොකිරීම පිළිබඳව ද එහිදී අවධානය යොමු වී තිබේ.

අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැරහැර ඇති ආයතනවලට එරෙහිව මේ වනවිට නඩු 15,000ක් පමණ ක්‍රියාත්මක වන බව මෙහිදී අනාවරණය විය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම