වඩාත් ආරක්ෂිත සයිබර් අවකාශයක් ගොඩනැඟීමට කැපවන්නැයි චීනය ඉල්ලයි
2024-06-21 09:34:04
Share with:

වඩාත් සාමකාමී සහ ආරක්ෂිත සයිබර් අවකාශයක් ගොඩනඟන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා මේ බව කියා සිටියේ ඊයේ (20) සයිබර් ආරක්ෂණ ගැටළු සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලය පැවැත්වූ සමුළුවේදී අදහස් දක්වමිනි.

සයිබර් අවකාශයේ සහ සැබෑ ලෝකයේ ඒකාග්‍රතාව මානව සමාජයේ සංවර්ධනය සඳහා වැදගත් ආධාරනයක් වන අතර, එය නව යුද පිටියක් බවට පත් නොවිය යුතු බව Fu Cong මහතා එහිදී පැවසීය. සියලුම පාර්ශ්ව සයිබර් අවකාශයේ සාමකාමී ස්වභාවය දැඩි ලෙස ආරක්ෂා කළ යුතු වේ. එසේම, සයිබර් මිලිටරිකරණය සහ සයිබර් අවිආයුධ තරඟ ඵලදායී ලෙස වළක්වා ගනිමින්, පොදු ආරක්ෂාව සහතික කර තම ආරක්ෂාව සාක්ෂාත් කර ගැනීමට කැපවිය යුතු බව ද චීන නියෝජිතයා පෙන්වා දුන්නේය.

වඩාත් සාමකාමී, ආරක්ෂිත, විවෘත, සහයෝගී සහ ක්‍රමවත් සයිබර් අවකාශයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බව ද බව Fu Cong මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම