තායිලන්තය BRICS සංවිධානයට එක්වීමට අයදුම් කරයි
2024-06-21 11:22:14
Share with:

තායිලන්තය BRICS සංවිධානයට එක්වීම සඳහා නිල වශයෙන් අයදුම් කරයි. "BRICS News" සමාජ මාධ්‍ය ගිණුමේ අද (21) පළ කර ඇති වාර්තාවක මේ බව දැක්වේ.

BRICS රටවල් හා එක්වීම සඳහා තායිලන්ත විදේශ අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාව එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කෙරුණු බව තායිලන්ත අග්‍රාමාත්‍ය මන්දිරයේ ප්‍රකාශක Chai Watcharong මහතා පසුගිය 28 වැනිදා කියා සිටියේය. BRICS සාමාජිකත්වය  තායිලන්තයට ප්‍රයෝජනවත් වනු ඇති බවත්, එරට ජාත්‍යන්තර තත්ත්වය ඉහළ නැංවීමට සහ ආර්ථික සංවර්ධනයට එමගින් වැඩි අවස්ථා හිමිවනු ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම