වියට්නාමය සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතාව තවදුරටත් වර්ධනය කෙරේ
2024-06-21 10:48:27
Share with:

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා ඊයේ (20) වියට්නාමයේ නිල සංචාරයක නිරත වූ අතර, වියට්නාම ජනාධිපති Tô Lâm මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

එම සාකච්ඡාවෙන් පසු, අධ්‍යාපනය හා අධිකරණය ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතා ලියවිලි ගණනාවකට අත්සන් තැබීමේ අවස්ථාවට ව්ලැඩිමීර් පුටින් මහතා සහ Tô Lâm මහතා එක්වූහ.

රුසියා-වියට්නාම විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් තහවුරු කිරීමට රුසියාව විශාල වැදගත්කමක් ලබා දෙන බව ව්ලැඩිමීර් පුටින් මහතා එම සාකච්ඡාවට පසුව පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ඉහළ මට්ටමේ හුවමාරු තවදුරටත් සමීප කිරීමටත් දෙරට අතර වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධනය ශක්තිමත් කිරීමටත් දෙපාර්ශ්වය එකඟ වී ඇති බව Tô Lâm මහතා එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.

එදිනම ව්ලැඩිමීර් පුටින් මහතා වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් Nguyễn Phú Trọng, අගමැති Phạm Minh Chính සහ ජාතික සභාවේ සභාපති Trần Thanh Mẫn යන මහත්වරුන් ද සමඟ සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තා‍ වේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම