තායිවානය වෙත ආයුධ අලෙවි කළ ඇමරිකා සමාගමට එරෙහිව චීනයෙන් ප්‍රති පියවර
2024-06-21 19:54:34
Share with:

තායිවානය වෙත ආයුධ අලෙවි කළ ඇමරිකා සමාගමට එරෙහිව චීනය ප්‍රති පියවර ගැනීම අද (21) සිට ක්‍රියාත්මක කෙරේ.

චීනයේ තායිවානය වෙත ආයුධ අලෙවි කරන බව ඇමරිකාව මෑතකදී යළි ප්‍රකාශ කර තිබේ. එය එකම චීනය ප්‍රත්පත්තිය හා චීන-ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුනට දැඩිව පටහැනිය. එමඟින් චීන අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම පිළිබිඹු කෙරෙන අතර චීන ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවට හානි සිදු වේ. විදේශ රටවල සම්බාධක පැනවීමට ‍එරෙහිව චීන මහජන සමූහාණ්ඩු නීතියේ අදාළ වගන්ති වලට අනුව Lockheed Martin සමාගමේ අදාළ ශාඛා, පරීක්ෂණාගාර හා ඉහළ කළමනාකරුවන් වෙත ප්‍රති පියවර ගැනීමට චීනය තීරණය කර ඇත.

Lockheed Martin මිසයිල පද්ධති ඒකාබද්ධ කිරීමේ පරීක්ෂණාගාරය, Lockheed Martin උසස් තාක්ෂණ පරීක්ෂණාගාරය, Lockheed Martin අවදානම් ආයෝජන සමාගම ඇතුළු ආයතනයන්හි ‍චීනයේ සතු චංචල දේපළ, නිශ්චල දේපළ හා සෙසු දේපළ අත්හිටුවනු ලැබේ.

Lockheed Martin සමාගමේ සභාපති James Donald Taiclet, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Frank Andrew St. John හා ප්‍රධාන මූල්‍ය නිලධාරී Jesus Malave ඇතුළු උසස් කළමනාකරුවන්ගේ චීනයේ සතු චංචල දේපළ, නිශ්චල දේපළ හා සෙසු දේපළ අත්හිටුවනු ඇත. චීනයේ සංවිධාන හා පුද්ගලයන්ට එම පිරිස සමග අදාළ වෙළඳ හා සහයෝගිතා පැවැත්වීම තහනම්ය. එම පිරිස වෙත චීනය වීසා නිකුත් නොකරන අතර ඔවුන් චීනයට ප්‍ර‍වේශ වීම ද තහනම් කෙරේ.

එම ප්‍රති පියවර අද(21) සිට ක්‍රියාත්මකයි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම