සමාජ දේශපාලන ආර්ථික ගැටළු නිරාකරණයට මිහිඳු ප්‍රතිපත්තිය හා එක් වන ලෙස ජනපතිගෙන් ඉල්ලීමක්
2024-06-21 17:35:18
Share with:

ශ්‍රී ලංකාව පත්ව ඇති දේශපාලන, සමාජ හා ආර්ථික ගැටළු නිරාකරණය කර ගනිමින් දියුණු රටක් ගොඩනැඟීමට මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනු දැන වදාළ ධර්ම මාර්ගය ඉවහල් කර ගනිමුයැයි  සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොසොන්  පොහොය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව  ශ්‍රී ලාංකික බෞද්ධයන් සමරන පූජනීය දිනයයි.

වැව, කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මගපෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදය ද බිහි වූයේ පොසොන් පොහෝ දිනයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟය. එමෙන්ම ලෞකික ලොව්තුරු  මාර්ගය පෙන්වා දුන් ජාතික නේතෘවරයා ලෙස ද උන්වහන්සේ  හැඳින්විය හැකිය.

දේශීය පොළොව මත ආහාර නිපදවා ගනිමින් වාද භේද හා මතවාදී අසමානතා පසෙක තබා චුල්ල හත්ථි පදෝපම සූත්‍රය අනු දැන වදාළ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ රාජ්‍ය පාලනය සකස් කිරීමට දුන් ඔවදන මෙම මොහොතේ ආදර්ශය බවට පත් කර ගත යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම