Ningxia Hui ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවේ දී නවීන කාර්මික පද්ධතියක් ස්ථාපිත කිරීමට චීන ජනපතිගෙන් උපදෙස්
2024-06-21 14:59:43
Share with:

Ningxia Hui ස්වායත්තයට ආවේණික සම්පත්වලින් උපරිම සංවර්ධන ජයග්‍රහණය ලබාගත යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

හෙතෙම 19 වැනිදා‍ වයඹදිග චීනයේ Ningxia Hui ස්වායත්තයට ළඟා වී සිය නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළේ ය. එම ස්වායත්තයේ Yinchuan අගනුවර Jinfeng දිස්ත්‍රික්කයේ“මහා ප්‍රාකාර උද්‍යාන”නම් ජන ප්‍රජාව හමුවීම චීන ජනාධිපතිවරයාගේ පළමු නිරීක්ෂණ කාර්යය විය. “මහා ප්‍රාකාර උද්‍යාන”විවිධ ජන වර්ගවල ජනතාව වෙසෙන විශාල ජන ප්‍රජාවකි. එම ජන ප්‍රජාව තුළ කොමියුනිස්ට් පක්ෂයේ බිම් මට්ටමේ කාර්යභාරයන් සිදු කෙරෙන ආකාරය, නිවැසියන්ට ලැබෙන සේවා හා පහසුකම් සහ විවිධ ජන කොට්ඨාශ අතර පවතින හුවමාරු හා සම්බන්ධතා පිළිබඳව චීන ජනාධිපතිවරයා විශේෂයෙන් සොයා බැලීය.

ඊයේ (20) පෙරවරුවේ Ningxia Hui ස්වායත්තයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුව හා ස්වායත්ත රජය චීන ජනාධිපතිවරයා වෙත කාර්ය සාධන වාර්තා ඉදිරිපත් කළේ ය. ෂී ජින් පිං මහතා එම කාර්ය සාධනය අගය කරමින් Ningxia Hui ස්වායත්තයේ ඉදිරි කටයුතු පිළිබඳවද අදහස් දැක්විය. Ningxia Hui ස්වායත්තයේ විශේෂ භූගෝලීය පිහිටීම හා ආවේණික සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගෙන ප්‍රබල තරගකාරීත්වයක් සහිත නවීන කාර්මික පද්ධතියක් ස්ථාපිත කළ යුතු බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ය. ඒ සඳහා නවීන ගල් අඟුරු රසායනික කර්මාන්තය, නව මාදිලියේ විවිධ ද්‍රව්‍යන් නිෂ්පාදනය, සුළං බලය, ප්‍රකාශ වෝල්ටීයතාව හා හයිඩ්‍ර‍ජන් බලශක්තිය ඇතුළු පවිත්‍ර බලශක්ති කර්මාන්ත, වයින් නිෂ්පාදනය, සංස්කෘතික සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානය යොමු කළ හැකි ය. විවිධ ජන කොටස් ජීවත් වන Ningxia Hui ස්වායත්තයේ ජනතාවගේ සුබසිද්ධිය කෙරෙහි ද චීන ජනාධිපතිවරයා විශේෂ සැලකිල්ලක් දක්වා ඇත. රැකියා, නිවාස, මහජන යටිතල පහසුකම් වැනි ජනතාවගේ ජීවිතවලට අදාළ කරුණු මෙන් ම ග්‍රාමීය පුනරුදය හා දරිද්‍රතාව පිටුදැකීම කෙරෙහි ද ස්වායත්ත රජයේ වැඩි අවධානය යොමු කළ යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි. Ningxia Hui ස්වායත්තය මුස්ලිම් බැතිමතුන් වැඩි වශයෙන් වෙසෙන ප්‍රදේශයකි. නව යුගයේ කොමියුනිස්ට් පක්ෂය ආගමික ප්‍රජාව පිළිබඳව අනුගමනය කරන ප්‍රතිපත්ති ද හෙතෙම එහිදී සඳහන් කළේ ය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම