රටේ ජනතාවගෙන් 90%ක් කුලී ආදායම් බද්දෙන් නිදහස්
2024-06-20 14:48:25
Share with:

යෝජිත කුලී ආදායම් බද්ද අය කරනු ලබන්නේ ඉහළ කුලී ආදායමක් ලබන පුද්ගලයන්ගෙන් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව අවධාරණය කළේ පාර්ලිමේන්තුව අමතා ඊයේ(18) විශේෂ ප්‍රකාශයක් කරමිනි. පුද්ගලයකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවටත්, සාමාන්‍ය ආදායම් ලබන කිසිදු පුද්ගලයකුගෙන් මේ බද්ද අය නොකරන බවටත් ජනාධිපතිවරයා මෙහිදී සහතික විය.

එමෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය අධ්‍යයනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍ය බවද ජනාධිපතිවරයා පැවසීය. ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට මෙන්ම බුදු දහම ආරක්ෂා කිරීමටද අභියෝගයක් එල්ල කරන ගැටලු සහගත තීරණයක් බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම