2024 ලෝක බුද්ධිමය කර්මාන්ත ප්‍රදර්ශනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-06-20 09:35:26
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2024 ලෝක බුද්ධිමය කර්මාන්ත ප්‍රදර්ශනය වෙනුවෙන් සුබ පැතුම් පිරිනමයි. අද (20) එම ලිපිය යොමු කර ඇත.

කෘත්‍රිම බුද්ධිය නවයුගයේ විද්‍යාත්මක හා තාක්‍ෂණික විප්ලවයක් සහ කාර්මික පරිවර්තනයක් සඳහා වැදගත් ගාමක බලයක් සපයන බව ෂී ජින් පිං මහතා පෙන්වාදෙයි. එය ගෝලීය ආර්ථික හා සමාජයීය සංවර්ධනයට මෙන්ම මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතියට ප්‍රබල බලපෑමක් එල්ල කරන බව ද ඔහු කියාසිටී.

චීනය කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ සංවර්ධනය කෙරෙහි පුළුල් අවධානයක් යොමුකරන රාජ්‍යයකි. එසේම අන්තර්ජාලය,විශාල දත්ත සේවා,කෘත්‍රිම බුද්ධිය සහ සැබෑ ආර්ථිකය නිසි ලෙස ඒකාබද්ධ කරමින්, බුද්ධිමය කර්මාන්ත ව්‍යාප්ත කිරීමට ද චීනය පියවර ගනිමින් සිටී. එමගින් නව ගුණාත්මක ඵලදායීතාව ශීඝ්‍රයෙන් වර්ධනය කරමින්, උසස් තත්ත්වයේ සංවර්ධනය සඳහා නව ජවයක් තිළිණ කිරීමට ද චීනය උත්සාහ කරන බව ජනාධිපතිවරයා පැවසීය.

ඩිජිටල්කරණය වූ, ජාලගත සහ බුද්ධිමය සංවර්ධන අවස්ථා ප්‍රයෝජනයට ගනිමින්, කෘත්‍රිම බුද්ධියේ සංවර්ධනය හා පාලනය උදෙසා වන ජාත්‍යන්තර සහයෝගිතා පුළුල් කිරීමට ලෝකයේ සෙසු රටවල් සමඟ කටයුතු කිරීමට චීනය සූදානමින් සිටියි. කෘත්‍රිම බුද්ධියේ ප්‍රශස්ත සංවර්ධනය තහවුරු කිරීම, ලෝක ආර්ථික වර්ධනය සහ ලෝකවාසී ජනතාවගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා චීනය කැප වී ක්‍රියා කරන බව ද ජනාධිපතිවරයා තම සුබ පැතුම් ලිපියෙන් අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම