රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි 50ස් වන සංවත්සරය වෙනුවෙන් Trinidad සහ Tobago ජනාධිපතිනිය සමග චීන ජනපති සුබ පැතුම් හුවමාරු කර ගනී
2024-06-20 17:31:27
Share with:

චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඊයේ(19) ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනාධිපතිනි Christine Kangaloo මහත්මිය සමඟ දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය වෙනුවෙන් සුබ පැතුම් හුවමාරු කර ගත්තේය.

ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යනු කැරිබියන් දූපත් වල වැදගත් රටක් වන අතර කලාපය තුළ චීනයේ විස්තීර්ණ සමුපකාර හවුල්කරුවෙකු වන බව හෙතෙම පැවසීය.

වසර 50කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට ගැඹුරු දේශපාලන ද්විපාර්ශ්වික සබඳතා, අන්‍යෝන්‍ය විශ්වාසය සහ විවිධ ක්ෂේත්‍රවල ඵලදායි සහයෝගීතාවයෙන් යුතුව සංවර්ධනයේ යහපත් වර්ධනයක් පවත්වා ගෙන ගොස් ඇති අතර එමඟින් දෙරටට ප්‍රතිලාභ ලැබී ඇති බව ද ඔහු සඳහන් කළේය. චීන-ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ සබඳතා වර්ධනයට තමන් විශාල වැදගත්කමක් දක්වන බවත්, උසස් තත්ත්වයේ එක් තීරයක් එක් මාවතක් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමටත්, හුවමාරු ගැඹුරු කිරීමටත් අවස්ථාවක් ලෙස රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි 50 වැනි සංවත්සරය සලකන අතර නායකත්වය සමග ඉදිරි සබඳතා වර්ධනයට කැමැත්තෙන් සිටින බව ත් ෂී ජින් පිං මහතා පැවසීය.

Christine Kangaloo මහත්මිය කියා සිටියේ ට්‍රිනිඩෑඩ්, ටොබැගෝ සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා දෙපාර්ශ්වයේම පොදු කැමැත්ත මත පදනම් වූ බවයි. වසර ගණනාවක් පුරා, දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීමේ මුල් අභිප්‍රායට සැමවිටම කැපවී සිටි බවත්, දෙරට අතර සබඳතා නිරන්තරයෙන් ශක්තිමත් කර ඇති බවත් ඇය පැවසුවාය.

නව යුගයේ ද්විපාර්ශ්වික සබඳතා දෙරටට ප්‍රතිලාභ ගෙන එනු ඇති බවට Kangaloo මහත්මිය විශ්වාසය පළ කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම