පෝලන්ත ජනපති ජුනි 22-26 දක්වා චීනයේ සංචාරයක
2024-06-20 17:32:05
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ඇරයුමට අනුව පෝලන්ත ජනාධිපතිවරයා ලබන 22 වනදා සිට 26 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

එම සංචාරය තුළ ෂී ජින් පිං මහතා හා පෝලන්ත ජනාධිපති Andrzej Duda මහතා හමු වී, පොදු අවධානයට ලක්වන ප්‍රශ්න පිළිබඳ අදහස් හුවමාරු කර ඒකාබද්ධව සහයෝගිතා‍ ලේඛනවලට අත්සන් තබන උත්සවයට එක් වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. එමෙන්ම චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා හා චීන ජාතික මහජන කොංග්‍රසයේ සභාපති Zhao Leji මහතා වෙන් වෙන් ව Andrzej Duda මහතා හමු වීමට නියමිත ය.

පෝලන්තය, චීන මහජන සමූහාණ්ඩුව මුලින් ම පිළිගත් රටවලින් එකකි.  චීනය හා පෝලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 75 වැනි සංවත්සරය මේ වසරට යෙදේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම