රටේ ආර්ථීකයේ අඛණ්ඩ ප්‍රකෘතිමත්භාවය වෙනුවෙන් කැපවන බව චීන මහජන බැංකුව කියයි
2024-06-20 10:09:59
Share with:

චීන ආර්ථීකයේ අඛණ්ඩ ප්‍රකෘතිමත්භාවය හා වර්ධනය සඳහා මූල්‍ය ආධාර සැපයීමට සූදානම් බව චීන මහජන බැංකුව ප්‍රකාශ කරයි.

චීන මහජන බැංකු අධිපති Pan Gongsheng මහතා ඊයේ (19) ශංහයි නගරයේ දී ආරම්භ වූ 2024 Lujiazui සංසදයට එක්වෙමින් මේ බව පැවසීය. එම සංසදය දින දෙකක් පුරා පැවැත්වේ.

චීනයේ මුදල් ප්‍රතිපත්තියේ ස්ථාවරය වන්නේ ‘සහය වීම’ බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. එම ස්ථාවරය අඛණ්ඩව පිළිපදිමින් රටේ ආර්ථිකය අඛණ්ඩව ප්‍රකෘතිමත් කිරීම සඳහා මූල්‍ය ආධාර සැපයීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කළේය.

උසස් තත්ත්වයේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය මනා මූල්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට චීන මහජන බැංකුව මෙම වසරේ සිට විවිධ මූල්‍ය ප්‍රතිපත්තිමය මෙවලම් භාවිත කර ඇතැයි Pan Gongsheng මහතා පැවසීය. තැන්පතු සංචිත අනුපාතය අඩු කිරීම, ප්‍රතිපත්ති පොළී අනුපාත අඩු කිරීම සහ ණය මූලික අනුපාතය වැනි මූල්‍ය වෙළෙඳපොළට අදාළ පොළී අනුපාත පහත හෙළීම එම ප්‍රතිපත්ති මාලාවට ඇතුළත් වන බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම