දෙවැනි විදුලි ගාස්තු අඩු කිරීම ජූලි 15 වැනිදා
2024-06-20 14:49:08
Share with:

මෙම වසරේ (2024) දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමට නියමිතය. ඒ අනුව එම අඩු වන ප්‍රතිශත ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසීය. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජනතාවගේ ලිඛිත අදහස් ලබා ගැනීම ඊයේ(18) ආරම්භ කළ බවත් එය ලබන ජූලි මස 8 වැනිදා දක්වා භාර ගන්නා බවත් වාචික අදහස් විමසීම ජූලි මස 9 වැනිදා පැවැත්වෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම