මානව හිමිකම් මුවාවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට එල්ල කෙරෙන අනිසි බලපෑම් කෙරෙහි ජගත් ප්‍රජාවේ විරෝධය
2024-06-20 10:00:43
Share with:

ඇතැම් රටවල් මානව හිමිකම් මුවාවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල අභ්‍යන්තර කටයුතුවලට අනිසි බලපෑම් එල්ල කිරීම ජගත් ප්‍රජාවේ පොදු විරෝධයට ලක්වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ පිහිටි සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීනයේ නිත්‍ය නියෝජිත Chen Xu මහතා මේ බව පැවසුවේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 56 වැනි සැසියේ ‘මානව හිමිකම් ප්‍රවර්ධන හා සුරැකීමේ මිතුරු හවුල’ සහ සෙසු රටවල් වෙනුවෙන් දේශනයක් පවත්වමිනි.

බහුපාර්ශ්වික මානව හිමිකම් ක්‍රමවේදය අනුගමනය කරමින් සාධාරණත්වය සහතික කිරීමේ අවශ්‍යතාව ඔහු එහිදී අවධාරණය කළේය. සංවර්ධනාත්මක සංවාද මෙන්ම සහයෝගිතා තහවුරු කිරීම සඳහා වගකීම් සහ යුතුකම් ඉටු කරන ලෙස හෙතෙම එහිදී විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

ඇතැම් රටවල් තමන්ගේ සහ තම අනුගාමිකයන් සිදුකරන මානව හිමිකම් උල්ලංඝන පසෙක තබා මානව හිමිකම් මුවාවෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන බව Chen Xu මහතා එහිදී පෙන්වා දුන්නේය. ඕනෑම රටකට තමන්ට ගැලපෙන මානව හිමිකම් සංවර්ධන ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ හැකියාව පවතී. සෙසු රටවල් ඊට ගරු කළ යුතුය. සාමය හා සංවර්ධනය පදනම් කරගනිමින් ලොව සියලු රටවල ජනතාව මානව හිමිකම් අත්විඳීම සහතික කළ යුතු බව ද චීනයේ නිත්‍ය නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම