ශ්‍රී ලංකාවට ණය දුන් රටවල් සමග ගිවිසුමකට එළඹෙන බව ජනපති පවසයි
2024-06-20 16:23:54
Share with:

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන් අනතුරුව තරඟකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" නමින් නව ආයතනයක් පිහිටුවමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය නංවාලීමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා කීය.

2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම