සටන් බලය මගින් චීන තායිවානයේ බෙදුම්වාදී බලවේගවලට සහාය වීමේ ඇමරිකානු උපක්‍රමය නිසැකවම අසාර්ථක වනු ඇත
2024-06-20 18:58:13
Share with:

ඇමරිකාව නැවත වරක් චීන තායිවාන කලාපයට ආයුධ අලෙවි කිරීම කෙරෙහි චීනය දැඩි ලෙස විරුද්ධ වන අතර එය හෙළා දකින බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් චීන තායිවානයට ඇ.ඩොලර් මිලියන 360 ක පමණ ආයුධ සහ ඒ ආශ්‍රිත උපකරණ අලෙවි කිරීම අනුමත කර ඇති බව වාර්තා කර ඇත.

මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා පෙන්වා දුන්නේ, චීනයේ ස්ථිර විරුද්ධත්වය සහ ගෞරවය නොසලකා හරිමින්, ඇමරිකාව නැවත වරක් චීන තායිවාන කලාපයට ආයුධ විකිණීම එකම චීනය යන මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුන බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, චීනයේ ස්වෛරීත්වයට සහ ආරක්ෂක අවශ්‍යතාවලට බරපතල ලෙස එරෙහි වීමක් බවයි.

චීන තායිවාන බෙදුම්වාදී බලවේග සහ ඇමරිකාව ප්‍රමුඛ බාහිර බලවේගවල අනුග්‍රහය යනු, වර්තමානයේ චීන තායිවාන් සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වයට මුහුණ දී සිටින විශාලතම තර්ජනය මෙන්ම, තායිවාන සමුද්‍ර සන්ධියේ පවතින තත්ත්වයට ඇති විශාලතම හානිය වේ. සටන් බලය මගින් චීන තායිවානයේ බෙදුම්වාදී බලවේගවලට උපකාර කිරීමේ ඇමරිකානු උපක්‍රමය නිසැකවම අසාර්ථක වනු ඇති බවත්, මේ සඳහා ඇමරිකාව විශාල වන්දියක් ගෙවනු ඇති බවත්, Lin Jian මහතා සඳහන් කළේ ය.

තායිවාන ප්‍රශ්නය චීන-ඇමරිකා සබඳතා අබිභවා යා නොහැකි රතු රේඛාවකි. එකම චීනය යන මූලධර්මයට සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුනට දැඩි ලෙස අවනත වන ලෙසත්, චීන තායිවාන කලාපයට ආයුධ අලෙවි කිරීමේ වැරදි තීරණය ඉවත් කර ගන්නා ලෙසත්, චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව, Lin Jian මහතා එහිදී කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම