චීන ජනපති ගේ විශේෂ නියෝජිතයා දකුණු අප්‍රිකානු ජනපති පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වෙයි
2024-06-20 20:05:38
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත Xiao Jie මහතා දකුණු අප්‍රිකානු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වෙයි. මෙම උත්සවය ඊයේ(19) දකුණු අප්‍රිකාවේ Pretoria නුවර දී පැවැත්විණ.

Xiao Jie මහතා එහිදී චීන ජනපති වෙනුවෙන් අප්‍රිකානු ජනාධිපතිවරයා වෙත උණුසුම් සුබපැතුම් පළ කළේ ය. Matamela Cyril Ramaphosa මහතාගේ නව නිල කාලය තුළ සිය රටේ සංවර්ධනය ගොඩනැංවීමේ නව ජයග්‍රහණ අත්කර ගැනීමට හැකිවේවායි ෂී ජින් පිං මහතා ප්‍රාර්ථනා කරන බව, Xiao Jie මහතා පැවසීය. චීන-දකුණු අප්‍රිකා සබඳතා වර්ධනයට චීනය විශාල වැදගත්කමක් ලබා දෙයි. දෙරට පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය ඉහළ මට්ටමකට ප්‍රවර්ධනය කිරීම සඳහා, නව දකුණු අප්‍රිකානු රජය සමඟ වැඩ කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව, Xiao Jie මහතා එහිදී කියා සිටියේ ය.

සිය පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගී වීම සඳහා විශේෂ නියෝජිතයෙකු යොමු කිරීම පිළිබඳව Matamela Cyril Ramaphosa මහතා ෂී ජින් පිං මහතාට අවංක ස්තූතිය පළ කළේ ය. දකුණු අප්‍රිකානු නව රජය චීනය සමඟ මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගනු ඇති බව හෙතෙම ප්‍රකාශ කළේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම