අප්‍රිකානු ප්‍රශ්න අප්‍රිකානු ආකාරයෙන් විසඳීමට චීනයේ සහාය
2024-06-20 14:44:22
Share with:

අප්‍රිකානු ප්‍රශ්න අප්‍රිකානු ක්‍රමවේද මගින් විසඳීමේ ප්‍රයත්නයන්ට සහාය දක්වන බව චීනය කියයි.

එක්සත් ජාතීන්ගේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Dai Bing මහතා මේ බව පැවසුවේ, ලිබියාවේ පවතින අර්බුද පිළිබඳව ආරක්ෂක මණ්ඩලය ඊයේ (19) පැවැත්වූ රැස්වීමේදීය.

ලිබියාවේ පවතින ගැටළුවට අදාළ පාර්ශ්ව කයිරෝ නුවර දී දේශපාලන උපදේශන සාකච්ඡාවන්හි දෙවැනි වටය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ය. එහිදී සියලු පාර්ශ්ව දේශපාලනමය විසඳුමකට එකඟතාව පළ කර, සෙසු මතභේද විසඳීම සඳහා සංවාදය හා උපදේශන සාකච්ඡා පවත්වමින් දේශපාලන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද Dai Bing මහතා එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.

ලිබියාවේ ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කරන ලෙසත්, එරට සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන, නොගැලපෙන බාහිර විසඳුම් හඳුන්වා දීමෙන් වළකින ලෙසත් චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.  

එසේම, සරණාගතයන්ගේ සහ සංක්‍රමණිකයන්ගේ ජීවත්වීමේ අයිතිය හා මානව හිමිකම් සුරක්ෂිත කරමින්, එරට සරණාගත අර්බුදය පාලනය සහ ආර්ථික සංවර්ධනය සඳහා සහය ලබාදෙන ලෙස චීනය අදාළ යුරෝපා රටවලින් ඉල්ලා සිටින බව ද Dai Bing මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම