සංවර්ධන උපායමාර්ග වැඩි දියුණු කිරීමට චීනයෙන් මැලේසියාවට ආරාධනයක්
2024-06-20 10:03:25
Share with:

චීනය සහ මැලේසියාව අතර සංවර්ධන උපායමාර්ග තවදුරටත් ශක්තිමත් කළ යුතු බව චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා පවසයි. මැලේසියාවේ උත්තරීතර නාය‍ක Sultan Ibrahim Sultan Iskandar මහතා ඊයේ(19) හමු වූ අවස්ථාවේදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

චීනය සහ මැලේසියාව අතර පවතින අනුපූරක ප්‍රතිලාභ ඵලදායී ලෙස භාවිත කළ යුතු බවත්, ද්වි-මාර්ග වෙළඳාම සහ ආයෝජන තවදුරටත් පුළුල් කළ යුතු බවත්, නැගී එන ක්ෂේත්‍රවල සහයෝගීතාව ප්‍රවර්ධනය කළ යුතු බවත් Li Qiang මහතා එහිදී සඳහන් කර ඇත.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය වටිනා අවස්ථාවක් කර ගනිමින්, අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය ශක්තිමත් කර සමීප සම්බන්ධතා සහිත ඉහළ මට්ටමේ හුවමාරු වර්ධනය කර ගැනීම වඩා වැදගත් වනු ඇත. එමෙන්ම පොදු ඉරණමක් සහිත චීන-මැලේසියා ප්‍රජාවක් ගොඩනැගීමට මැලේසියාව සමග කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අතර Sultan Ibrahim මහතා එහිදී කියා සිටියේ, මැලේසියාව චීනය සමග පවතින සබඳතාවලට විශාල වැදගත්කමක් ලබා දෙන බවයි.  චීනය සමග ආර්ථික හා වෙළඳ, විද්‍යා හා තාක්ෂණ, අධ්‍යාපන සහ සංචාරක යන විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මැලේසියාව බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම