චීන එන්නත් අපකීර්තියට පත් කිරීමට ඇමරිකාව දැරූ උත්සාහයට පිලිපීනයේ අප්‍රසාදය පළවේ
2024-06-20 10:54:08
Share with:

චීනයේ Sinovac එන්නත සම්බන්ධයෙන් ඇමරිකාව සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම COVID-19 වසංගත සමයේ පිලිපීන වැසියන් විශාල පිරිසකගේ මරණවලට හේතු වූ බව හෙළි වේ. පිලිපීන හිටපු ජනාධිපති Rodrigo Duterte මහතාගේ ප්‍රකාශකයා ලෙස සේවය කළ Harry Roque මහතා සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ මේ බව පවසා ඇත.

වැරදි කරුණුවලින් එසේ ජනතාව නොමග යැවීම සිදුනොවන්නට බොහෝ දෙනෙකු දිවි ගලවා ගනු ඇති බව ද ඔහු කියා සිටියේ ය.

COVID-19 වසංගත සමයේ, සමාජ මාධ්‍ය වේදිකාවක් වන ට්විටර් හි පිලිපීන ජාතිකයන් ලෙස ව්‍යාජ ගිණුම් විශාල ප්‍රමාණයක් විවෘත කර චීන එන්නත් පිළිබඳ සාවද්‍ය කරුණු ව්‍යාප්ත කිරීමට ඇමරිකාව ක්‍රියා කළ බව රොයිටර්ස් මාධ්‍ය වාර්තාවක දැක්වේ.  එහිදී  "චීන එන්නත් ව්‍යාජ ඒවා යි" සහ "චීනය විශ්වාස නොකරන්න" වැනි අදහස් ඔවුන් පළ කළ බව ද එම වාර්තාව කියයි.

ඒ වන විට පිලිපීනය සතුව තිබූ එකම COVID-19 එන්නත වූයේ චීනයේ Sinovac එන්නතයි. එහෙත් ඇමරිකාව චීනය අපකීර්තියට පත්කරමින් සිදුකළ නොමග යැවීම් නිසා පිලිපීනයේ එන්නත්කරණ අනුපාතය ඉතා අඩු අගයක පැවතිණ. එහිදී 60,000කට අධික පිරිසක් මිය ගොස් ඇත.

ඇමරිකාවේ මෙම ව්‍යාපාරයට ප්‍රතිචාර වශයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ෂින්හුවා මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ, එන්නත් දේශපාලන ආයුධයක් ලෙස භාවිත කිරීම බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන බවයි.

 

 

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම