චීන මාදිලියේ නවීකරණයේ ‘ඡිංහයි පරිච්ඡේදය’ උසස් අයුරින් නිර්මාණය කිරීම සඳහා කැප විය යුතු බව චීන ජනපති කියයි
2024-06-20 15:05:59
Share with:

ඡිංහයි ටිබෙට් සානුවේ ජෛව පාරිසරික සංරක්ෂණය හා උසස් තත්ත්වයේ සංවර්ධනය ඉදිරියට ගෙන යමින් චීන මාදිලියේ නවීකරණය පිළිබඳ ‘ඡිංහයි පරිච්ඡේදය’ උද්‍යෝගිවත්ව නිර්මාණය කිරීමට කැප විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගිය 18 හා 19 දෙදින  ඡිංහයි පළාතේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි. ඡිංහයි පළාත, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණ හා සැලසුම් අනුව නව සංවර්ධන සංකල්පය අංගසම්පූර්ණ ලෙසත්, නිවැරදි ලෙසත් අනුගමනය කරමින් රටේ සමස්ත සංවර්ධනය තුළ තම උපායමාර්ගික ස්ථානයට ගැලපෙන සේ සංවර්ධනය කර ගත යුතු බව ඔහු එහිදී පෙන්වා දී තිබේ. ප්‍රතිලාභ සහිත ක්ෂේත්‍ර මනාව ප්‍රයෝජනයට ගෙන ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය තවදුරටත් ඉදිරියට මෙහෙයවමින් ජෛව ආරක්ෂාව හා හරිත සංවර්ධනයට ද ප්‍රමුඛතාව ලබා දිය යුතුය. එමෙන්ම විවිධ ජාතීන් අතර සමගිය තහවුරු කරමින් පොදු පොහොසත්කම ළඟා කර ගැනීමට උත්සාහ දැරිය යුතුය. එසේම චීන මාදිලියේ නවීකරණය පිළිබඳ ‘ඡිංහයි පරිච්ඡේදය’ නිර්මාණය කිරීම සඳහා ඡිංහයි ටිබෙට් සානුවේ ජෛව විවිධත්වය සුරැකීම හා උසස් තත්ත්වයේ සංවර්ධනය අතින් වඩාත් සුවිශේෂ ප්‍රගතීන් දිනා ගැනීමට උත්සාහ කළ යුතු බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.

තම චාරිකාව අතරතුර ෂී ජින්පිං මහතා ඡිංහයි පළාතේ ශීනිං අගනගරයේ පාසැල් හා ආගමික ස්ථානවලට පැමිණ විවිධ අංශවල තත්ත්වය විමසා බැලීය. 

19 වැනිදා පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඡිංහයි පළාත් කමිටුවේ හා පළාත් රජයේ නිලධාරීන්ගේ කාර්ය වාර්තාවන්ට සවන් දුන් ජනාධිපතිවරයා එම පළාතේ විවිධ ව්‍යාපෘතීන් අත්කර ගත් ප්‍රතිඵල  ඉහළ ඇගයීමට ලක් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම