චීන සහ මැලේසියානු අගමැතිවරුන් තවදුරටත් දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට අපේක්ෂා පළ කරති
2024-06-20 19:31:31
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා හා මැලේසියානු අග්‍රාමාත්‍ය Anwar Ibrahim මහතා අද(20) Kuala Lumpur නුවර පැවති චීන-මැලේසියා වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රයන්හි දිවා භෝජන සංග්‍රහයට එක් වෙති.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා එහිදී ප්‍රකාශ කළේ දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනගා ගෙවී ගිය වසර 50 තුළ ආර්ථික හා වෙළඳ සහයෝගිතාව අඛණ්ඩව වැදගත් දායකත්වයක් දරා ඇති බවයි. මෑත වසර කිහිපය තුළ දෙරටේ ආර්ථික හා වෙළඳ සහයෝගිතා පරිමාණය වේගවත්ව වර්ධනය වෙමින් පවතී. දෙරටේ විවිධ සමාගම් අතර සබඳතාව යහපත් ලෙස වර්ධනය වීමේ වැදගත් පදනම බවට පත්ව තිබේ. දෙරටේ සමාගම් අඛණ්ඩව වෙළඳපොල තුළ වර්ධනය කොට අන්‍යෝන්‍ය වාසි සහගත සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට ලී ච්‍යං මහතා අපේක්ෂා පළ කළේය.

මැලේසියානු අග්‍රාමාත්‍ය Anwar Ibrahim මහතා එහිදී පැවසුවේ වෙනස්කම පිළිගැනීම හා මිත්‍රශීලිත්වය සහිත චීනය, වෙනස් සංස්කෘතීන් පිළිබඳ අවබෝධය ලබා ගත හැකි රටක් බවයි. ‍මැලේසියාව හා චීනය මුල සිට ම අන්‍යෝන්‍ය වශයෙන් ගරුකිරීම, අධ්‍යයනය කිරීම සිදු කරමින් එකිනෙකාට වාසි සහගත සහයෝගිතා පැවැත්වීය. දෙරටේ මිතුදම ගැඹුරු කිරීම, දෙරටේ ජනතාව හා අනාගත පරම්පරාවන් වෙත සුභසෙත සැලසීම වෙනුවෙන් මැලේසියාව දැඩිව කැප ‍වන බව හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම