චීන ජනපති Qinghai පළාතේ නිරීක්ෂණ චාරිකාවක
2024-06-19 11:25:10
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා Qinghai පළාතේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි. 

ඊයේ (18) පස්වරුවේ සිදුකෙරුණු එම චාරිකාවේ දී ඔහු Xining නගරයේ Guoluo Xining සුළු ජාතීන්ගේ  මධ්‍යම පාසල සහ Hongjue විහාරය නිරීක්ෂණය කළේය. 

Guoluo Xining සුළු ජාතීන්ගේ මධ්‍යම පාසලේ අධ්‍යයන කටයුතුවලදී චීනයේ නැගෙනහිර සහ බටහිර ප්‍රදේශවල ඒකාබද්ධ සහයෝගිතාව පුළුල් කිරීම සහ චීන ජාතියේ “පොදු ප්‍රජාව” පිළිබඳ චින්තනය පිළිබඳ අධ්‍යයන ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් කරුණු විමසා බැලීම ජනාධිපතිවරයාගේ චාරිකාවේ ප්‍රධාන අරමුණකි. ඔහු විශේෂයෙන්ම Guoluo Xining සුළු ජාතීන්ගේ  මධ්‍යම පාසලේ භෝජන ශාලාවට පැමිණ එහි පහසුකම් නිරීක්ෂණය කළේය. සිසුන්ගේ ආහාර සුරක්ෂිතතාව සහතික කරමින් පෝෂණීය මෙන්ම රසවත් ආහාර පිළියෙළ කරන ලෙස ඔහු එහිදී භෝජන ශාලාවේ සේවක සේවිකාවන්ට උපදෙස් දුන්නේය. 

අනතුරුව, Hongjue විහාරයට පැමිණි චීන ජනාධිපතිවරයා ටිබෙට් බෞද්ධ නිකායේ පවතින දේශප්‍රේමය හා ආගමට ගරු කිරීම පිළිබඳ යහපත් සම්ප්‍රදායන් ප්‍රවර්ධනය සහ ජාතික සමගිය හා සංවර්ධනය තහවුරු කිරීමේ තත්ත්වය ද විමසා බැලීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම