රුසියානු නායකයා වසර 24 කට පසු උතුරු කොරියාවට
2024-06-19 09:35:24
Share with:

රුසියානු ජනාධිපති Vladimir Putin මහතා දෙදින නිල සංචාරයක් සඳහා උතුරු කොරියාවේ Pyongyang නුවරට ළඟාවෙයි. අද (19) එරටට පැමිණි රුසියානු ජනාධිපතිවරයා, උතුරු කොරියානු කම්කරු පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය මණ්ඩල සභාපති Kim Jong Un මහතා‍ විසින් ගුවන්තොටුපොළේ දී හරසරින් පිළිගනු ලැබීය.

Putin මහතා උතුරු කොරියාවේ නිල සංචාරයට එක්වන්නේ එරට නායක Kim Jong Un මහතා‍ගේ ඇරයුමක් අනුව බව ක්‍රෙම්ලින් ප්‍රවෘත්ති කාර්යාංශය නිවේදනය කළේය. රුසියානු ජනාධිපති සහකාර Yuri Ushakov මහතා පැවසුවේ, මෙම සංචාරයේ දී නායක දෙපළ හමුවක් පවත්වනු ඇති බවයි. ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ ගිවිසුමක් අත්සන් තබා, මාධ්‍ය වෙත ප්‍රකාශයක් ද නිකුත් කිරීමට නියමිත ය.

මේ අතර නිල සංචාරයට පූර්වගාමීව රුසියානු නායකයාගේ ලිපියක් උතුරු කොරියාවේ Rodong Sinmun පුවත්පතේ පළකෙරිණ. ද්විපාර්ශ්වික සහයෝගිතාව ඉහළ මට්ටමකට ඔසවා තැබීම දෙරටේ අපේක්ෂාව බව Putin මහතා එහිදී පවසා තිබේ.

එසේ ම, උතුරු කොරියාව සමඟ පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතා ගිවිසුමට අත්සන් තැබීම පිළිබඳ යෝජනාවකට හෙතෙම පසුගිය 17 වැනිදා එකඟතාව පළ කර ඇත.

Vladimir Putin මහතා මීට පෙර අවසන් වරට උතුරු කොරියාවට පැමිණියේ 2000 වසරේ ජූලි මාසයේ දී ය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම