පිලිපීනය තම ආක්‍රමණ සහ ප්‍රකෝප කිරීම් වහාම නතර කළ යුතු බව චීනය පවසයි
2024-06-19 19:07:23
Share with:

පිලිපීනය චීනයේ අකමැත්ත නොසලකා, චීනයේ Nansha දූපත් සමූහයේ Ren’ai ගල්පරය ආක්‍රමණය කිරීම, චීන වෙරළාරක්ෂක බලකාය එම ස්ථානයේ වෘත්තීය සහ සීමා සහිත නීතිය ක්‍රියාත්මක කිරීමට සෘජු හේතුව බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා මේ පිළිබඳ සඳහන් කරමින් පැවසුවේ පිලිපීන නැව් නීතිවිරෝධී ලෙස සැපයුම් ප්‍රවාහනය කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි. චීන වෙරළාරක්ෂක බලකාය පිලිපීන නිලධාරීන්ට එරෙහිව සෘජු පියවර ගෙන නොමැත. ජීවන ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බව පිලිපීනය නැවත නැවතත් ප්‍රකාශ කර ඇතත්, එහිදී ඇත්ත වශයෙන්ම ඉදිකිරීම් ද්‍රව්‍ය, ආයුධ සහ පතොරම් පවා හොර රහසේ ප්‍රවාහනය කර තිබේ. දිගු කලක් තිස්සේ චීනයේ Ren’ai ගල්පරය අල්ලා ගැනීමට පිලිපීනය උත්සාහ කරයි. නීතිය උල්ලංඝනය කිරීම් සහ ප්‍රකෝප කිරීම් වහා නතර කරන ලෙස චීනය පිලිපීනයෙන් ඉල්ලා සිටී. නීතියට අනුකූලව චීනය සිය ස්වෛරී අයිතිවාසිකම් සහ අවශ්‍යතා අධිෂ්ඨානශීලීව අඛණ්ඩව ආරක්ෂා කරනු ඇතැයි, Lin Jian මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම