දකුණු චීන මුහුදේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ හා ප්‍රකෝප කිරීමේ ඕනෑම ක්‍රියාවන්ට එරෙහිව චීනයෙන් දැඩි ප්‍රතිචාර
2024-06-19 21:29:42
Share with:

දකුණු චීන මුහුද පිළිබඳව පිලිපීනය වඩාත් අන්තගාමී ප්‍රකෝපකාරී ක්‍රියා සිදු කරමින් සිටී. පසුගිය 17 වනදා පිලිපීන නෞකා තුනක් නීති විරෝධීව දකුණු චීන මුහුදේ Ren'ai ගල්පර ආශ්‍රිත ප්‍රදේශයට ඇතුළු වී බිම්ගත යුද නෞකාවට අනීතික ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට වෑයම් කර තිබේ. එහිදී පිලිපීන නෞකා අනතුරුදායක ලෙස, විධිමත් ව යාත්‍රා කරමින් සිටි චීන නෞකාවක හිතාමතාම ගැටී ඇත. චීන වෙරළාක්ෂක බලකාය නීත්‍යනුකූලව එම නෞකා සම්බන්ධයෙන් කඩිනම් පාලන පියවර ගෙන තිබේ.

ඇත්ත වශයෙන්ම පිලිපීනය අඛණ්ඩව ඉදිකිරීම් ද්‍රව්‍ය සහ ආයුධ රහසිගතව ප්‍රවාහනය කරමින්, Ren'ai ගල්පරය අත්පත් කර ගැනීමට වෑයම් දරමින් සිටී. එය දකුණු චීන මුහුදු තත්ත්වය උග්‍ර වීමේ ඍජු හේතුවයි. ජාතික ප්‍රතිලාභ වෙනුවට පිලිපීනයේ දේශපාලනඥයන්ගේ ප්‍රතිලාභ සපුරා ගැනීම, එම ක්‍රියාවේ සැබෑ ඉලක්කය බවට පත් වේ.

පසුගිය 15 වනදා පිලිපීනය එක්සත් ජාතීන්ගේ මහාද්වීපික රාමුවේ සීමා පිළිබඳ කමිටුවට දකුණු චීන මුහුදේ පිටත මහාද්වීපික රාමුවේ සීමා නියම කිරීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර ඇත. මුහුදු නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව පිලිපීනය එම මුහුදු ප්‍රදේශයේ සම්පත් සංවර්ධනය කිරීමේ විශේෂ අයිතිය අත්කර ගැනීමට වෑයම් කර තිබේ.

චීනය හා පිලිපීනය අතර දකුණු චීන මුහුදු ප්‍රදේශයේ භෞමික ප්‍රශ්නය සහ සමුද්‍රීය සීමා නියම කිරීමේ ආරවුලක් පවතින බව අදාළ විශ්ලේෂකයන් පවසා ඇත. පිලිපීනය ඒකපාර්ශ්විකව එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් චීනයේ ස්වෛරී අයිතිවාසිකම් සහ අධිකරණ බලය උල්ලංඝනය කර ඇති අතර මුහුදු නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඇතුළු ජාත්‍යන්තර නීතිය හා දකුණු චීන මුහුද පිළිබඳ ආචාර ධර්ම ප්‍රකාශනයේ අදාළ රෙගුලාසීන්ට පටහැනිව කටයුතු කර ඇත. එක්සත් ජාතීන්ගේ මහාද්වීපික රාමුවේ සීමා පිළිබඳ කමිටුවේ රෙගුලාසියට අනුව පිලිපීනය ඉදිරිපත් කරන යෝජනාව එම කමිටුව විමර්ශනය කිරීම හා සාකච්ඡා කිරීම සිදු නොකළ යුතු බවට ඔවුහු විශ්වාසය පළ කළහ.

දකුණු චීන මුහුදු ප්‍රශ්නයට අදාළ රටවල් සමග සාකච්ඡා කිරීමෙන් මනා ලෙස මතභේද විසඳීම, ඕනෑම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් හා ප්‍රකෝප කිරීමේ ක්‍රියාවන්ට විරුද්ධත්වය පළ කොට දැඩිව ප්‍රතිචාර දැක්වීම චීනයේ ස්ථාවරය බවට පත් වේ. ඉදිරියේ දී පිලිපීනයේ එම සියළු කුමන්ත්‍රණ අනිවාර්යෙන්ම අසාර්ථක වනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම