පරිසරය සහ දේශගුණය පිළිබඳ පස්වන චීන-යුරෝපා සංගමයේ ඉහළ මට්ටමේ සංවාදය ඇරඹේ
2024-06-19 11:22:08
Share with:

පරිසරය සහ දේශගුණය පිළිබඳ පස්වන චීන-යුරෝපා සංගමයේ ඉහළ මට්ටමේ සංවාදය ඊයේ(18) බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ දී පැවැත්විණ. ඒ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ ස්ථාවර සාමාජික සහ උප අගමැති Ding Xuexiang සහ යුරෝපා සංගමයේ විධායක උප සභාපති Maros Sefcovic යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙනි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මෑත වසරවලදී යුරෝපා සංගමයේ නායකයින් අවස්ථා රැසකදී හමු වී ඇති අතර හරිත පරිවර්තනය පිළිබඳ චීන-යුරෝපා සංගමයේ සහයෝගීතාව ශක්තිමත් කිරීමට බොහෝ එකඟතාවන්ට එළඹි බව Ding Xuexiang මහතා එහිදී පැවසුවේ ය. චීන සහ යුරෝපා නායකයින් අතර ඇති කර ගත් වැදගත් එකඟතාවය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතු අතර දෙපාර්ශ්වයේ සබඳතාවල ස්ථාවර හා ධනාත්මක ගම්‍යතාවය තහවුරු කළ යුතු බව ද ඔහු සඳහන් කර ඇත.

චීන විදුලි වාහන සඳහා යුරෝපා සංගමය අතිරේක තීරුබදු පැනවීම සාමාන්‍ය ආරක්ෂණවාදයක් වන අතර එය යුරෝපා සංගමයේ හරිත පරිවර්තන ප්‍රවේශයට හිතකර නොවන අතර දේශගුණික විපර්යාස පිළිබඳ ගෝලීය සහයෝගීතාවයේ සමස්ත තත්ත්වයට ද හානිකර බව Ding Xuexiang මහතා අවධාරණය කළේය. චීනය සිය නීත්‍යානුකූල අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමට නොසැලෙන අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව ද ඔහු කියා සිටියේ ය.

මේ අතර හරිත හා අඩු කාබන් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ චීනයේ ශක්තිමත් ක්‍රියාමාර්ග සහ එහි ප්‍රතිඵල යුරෝපා සංගමය අගය කරන බව Sefcovic මහතා එහිදී පැවසීය. විද්‍යුත් වාහන කර්මාන්තයේ දියුණුව සඳහා යුරෝපා සංගමය වැදගත් කොට සලකන අතර දෙපාර්ශ්වය අතර තිබෙන වෙනස්කම් චීනය සමග සංවාදයෙන් නිසි ලෙස විසඳා ගැනීමට යුරෝපා සංගමය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම