චීන අගමැති මැලේසියාවේ නිල සංචාරයක
2024-06-19 09:35:18
Share with:

මැලේසියා අගමැති Dato' Seri Anwar bin Ibrahim මහතාගේ ආරාධනාවකට අනුව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ඊයේ(18) රාත්‍රියේ කුවාලා ලාම්පුර් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වී එරට නිල සංචාරය ආරම්භ කළේය.

දෙරට අතර රාජ්‍යතාන්‍ත්‍රික සම්බන්ධතා පිහිටුවා ගත වූ වසර 50 තුළ චීන-මැලේසියා සම්බන්ධතාවය විධිමත්ව වර්ධනය වී ඇති අතර එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමේදී ඵලදායී ප්‍රතිඵල ලබා ගෙන ඇතැයි ලී ච්‍යං මහතා එහිදී සඳහන් කර ඇත.

පොදු ඉරණමක් සහිත චීන-මැලේසියා ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳව පසුගිය වසරේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා Dato' Seri Anwar bin Ibrahim අගමැතිවරයා අතර ඇති වූ වැදගත් එකඟතාව, ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ නව කාලපරිච්ඡේදයක් සනිටුහන් කළ බව ලී ච්‍යං මහතා සඳහන් කළේය. මැලේසියාව සමග එක්ව, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිහිටුවීමේ පනස්වන සංවත්සරය නව ඇරඹුමක් ලෙස සලකා දෙරටේ උපායමාර්ගික සම්බන්ධීකරණය හා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතා තවදුරටත් පුළුල් කරමින් පොදු ඉරණමක් සහිත චීන මැලේසියා ප්‍රජාවේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව චීන අගමැතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම