චීන හා මැලේසියානු අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡා
2024-06-19 19:04:02
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා අද(19) උදෑසන මැලේසියාවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී එරට අග්‍රාමාත්‍ය Dato' Seri Anwar bin Ibrahim මහතා සමඟ සාකච්ඡා පැවැත්වීය.

පසුගිය අඩසියවසක කාලය තුළ, ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, දෙරට අතර සබඳතා අඛණ්ඩව ස්ථිර ලෙස ඉදිරියට ගොස් ඇති බව, Li Qiang මහතා එහිදී සඳහන් කළේ ය. අන්‍යෝන්‍ය යහපත හා සහයෝගතා  වඩාත් මැනවින් ඉටු කිරීම සඳහා, දෙරට අතර ප්‍රධාන ව්‍යාපෘති ඉදිකිරීම් ශක්තිමත්ව ප්‍රවර්ධනය කරන අතර, වෙළෙඳ හා ආයෝජන පරිමාණය පුළුල් කිරීමට කටයුතු කර ඇත. එසේම නව බලශක්ති හා දරිද්‍රතාවය අවම කරමින් එම ක්ෂේත්‍රවල සහයෝගීතාවන් ශක්තිමත් කරන අතර, දෙරට මානුෂ සංස්කෘතික හුවමාරු ගැඹුරු කර තිබේ. සාමකාමී සහජීවනයේ මූලධර්ම පහ ඒකාබද්ධව ඉදිරියට ගෙන යාමට මෙන්ම, කලාපයේ මෙන්ම ගෝලීය සාමය, ස්ථාවරත්වය, සමෘද්ධිය සහ සංවර්ධනය සඳහා වඩාත් ධනාත්මක දායකත්වය සඳහා මැලේසියාව සමඟ අඛ්ණ්ඩව සහ‍යෝගයෙන් කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව, Li Qiang මහතා එහිදී සඳහන් කළේ ය.

එකම චීනය යන ප්‍රතිපත්තියට මැලේසියාව තදින්ම අනුගත වන බව Dato' Seri Anwar bin Ibrahim මහතා පැවසීය. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් චීනය සමඟ විවිධ ක්ෂේත්‍රවල සහයෝගතාව තවදුරටත් ගැඹුරු කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු සඳහන් කළේ ය.

ද්විපාර්ශ්වික සහයෝගතාව නොසැලී ශක්තිමත්ව ගැඹුරු කරන අතර, පොදු ඉරණමක් සහිත චීන-මැලේසියා ප්‍රජාවක් ගොඩනැගීම ඉහළ මට්ටමකට ඔසවා තැබීමට දෙර‍ටේ අගමැතිවරු ඒකමතිකව එකඟ වූහ.

සාකච්ඡාවලින් අනතුරුව, ආර්ථික, වෙළෙඳ, විද්‍යා සහ තාක්ෂණ යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛන රැසක් හුවමාරු කර ගැනීම අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා එක්ව නිරීක්ෂණය කළහ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම