ත්‍රෛපාර්ශ්වික සහයෝගතා ජාත්‍යන්තර සංවාදය දකුණු කොරියාවේ සෝල් නුවරදී
2024-06-19 09:10:14
Share with:

ත්‍රෛපාර්ශ්වික සහයෝගතා ජාත්‍යන්තර සංවාදය දකුණු කොරියාවේ සෝල් නුවරදී පැවැත්වේ. චීනය, ජපානය හා දකුණු කොරියාව එහි පාර්ශ්වකරුවන් ය‍. ත්‍රෛපාර්ශ්වික සහයෝගතා ලේකම් කාර්යාලය විසින් සංවිධාන කරනු ලැබූ ඊයේ (18) පැවති මෙවර සංවාදයේ තේමාව 25 වසරක් සපුරන ත්‍රෛපාර්ශ්වික සහයෝගතිතාව: පැහැබර අනාගතයකට ආයතනීකරණ සහයෝගීත්වය හා හුවමාරු ප්‍රවර්ධනය කිරීම යන්නය. එහි සමාරම්භක සැසිය ඇමතූ ත්‍රෛපාර්ශ්වික සහයෝගතා ලේකම් කාර්යාලයේ මහ ලේකම්වරයා පැවසුවේ ගෝලීය සංකීර්ණ අර්බුද හා අභියෝගයන්ට චීනය, ජපානය හා දකුණු කොරියාව එක්ව මුහුණ දිය යුතු බවයි. ගෙවනු විසිපස් වසර පුරාවට ගත් උත්සාහයන්හී ප්‍රතිඵලයක් ලෙසට අභියෝගයන්ට මුහුණ දී ඒවා අවස්ථාවන් බවට පත්කර ගනිමින් අඛණ්ඩ වර්ධනයක් අත්කර ගැනීමට හැකිවූ බවද හෙතෙම පැවසීය. විවිධත්වයන්ට මුහුණ දී රටවල් තුන සහජීවනය හා සුසංගත බව හඹා යමින් පොදු ගරුත්වය හා ප්‍රතිලාභ මත අනාගත සහයෝගතාවන් පුළුල් කළ යුතු බවද ලේකම්වරයා කීය.

“හවුල් අනාගතයකට දර්ශනය” සහ ඩිජිටල් සබඳියාව යන තේමා ඔස්සේ පැවති සැසි දෙකකදී විවිධ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන්, උසස් පෙළේ නිළධාරීන්, රාජ්‍යතාන්ත්‍රිකයන්, විශේෂඥයන් ඇතුළු පිරිස් සිය අදහස් ඉදිරිපත් කළහ. 2011 වසරේ සිට වාර්ෂිකව මෙම සංසදය පැවැත්වේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම