චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ හමුදා කොමිසමේ දේශපාලන කටයුතු පිළිබඳ සමුළුවේදී චීන ජනපති දේශනයක් පවත්වයි
2024-06-19 20:02:32
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ හමුදා කොමිසමේ දේශපාලන කටයුතු පිළිබඳ සමුළුව ඉකුත් 17වැනි දා සිට අද (19) දක්වා Shaanxi පළාතේ Yan'an නගරයේදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ හමුදා කොමිසමේ සභාපති, ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක් වෙමින් දේශනයක් පැවැත්විය. හමුදාව කෙරෙහි කොමියුනිස්ට් පක්ෂයේ නිරපේක්ෂක නායකත්වය සහතික කළ යුතු බවත්, නව යුගයේ දේශපාලනික වශයෙන් හමුදා සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බවත්,හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ය. විනයෙන් යුතුව කොමියුනිස්ට් පක්ෂය සහ හමුදාව පාලනය කිරීමේ අවශ්‍යතාව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. යුගයට ගැලපෙන අයුරින් දේශපාලනික වශයෙන් හමුදා සංවර්ධනය වඩාත් ශක්තිමත් කිරීම වෙනුවෙන් හෙතෙම උපදෙස් ද ලබා දී ඇත. එම උපදෙස් අනුව ක්‍රියා කිරීමේදී හමුදා ‍කොමිසමට ප්‍රමුඛ වගකීම් පැවරෙන අතර හමුදා ‍කොමිසමට අනුබද්ධ වන ආයතන ඊට සහාය ලබා දිය යුතු බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.


සමුළුව පැවැත්වීමට පෙර ෂී ජින් පිං ජනාධිපතිවරයා ප්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ හමුදා කොමිසමේ නිලධාරීහු හා විවිධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීහු Yan'an නගරයේ විප්ලවීය ස්ථාන කිහිපයක් ද නරඹමින් ‍කොමියුනිස්ට් පක්ෂයේ විප්ලවීය ඉතිහාසය සිහිපත් කර තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම