මත්ද්‍රව්‍ය විරෝධී සහයෝගීතාව පිළිබඳ චීන-ඇමරිකා නිළධාරීන් අතර සාකච්ඡාවක්
2024-06-19 09:39:35
Share with:

චීන-ඇමරිකා දෙපාර්ශ්වය අතර මත්ද්‍රව්‍ය විරෝධී සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරටේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්විණ.

ඇමරිකාවේ චීන තානාපති Xie Feng සහ ජාතික මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ ධවල මන්දිර කාර්යාලයේ අධ්‍යක්ෂ Rahul Gupta යන මහත්වරුන් මෙම සාකච්ඡාවට එක්ව ඇත. ඇමරිකාවේ චීන තානාපති කාර්යාලය ඊයේ(18) නිකුත් කළ නිවේදනයට අනුව, පසුගිය දා පැවති මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය ගෞරවය, සමානාත්මතාව සහ පොදු ප්‍රතිලාභ මත පදනම්ව මත්ද්‍රව්‍ය විරෝධී සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අදහස් හුවමාරු කර ගෙන තිබේ.

චීනයේ මත්ද්‍රව්‍ය පාලන පියවර පිළිබඳ එහිදී කරුණු පැහැදිලි කළ Xie Feng මහතා, වේදනා නාශකයක් වන ෆෙන්ටැනයිල් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව චීනයේ ප්‍රශ්නයක් නොවන අතර එයට චීනයේ කිසිදු මැදිහත්වීමක් නොමැති බව ද අවධාරණය කර ඇත. එහෙත්, මානුෂීය කරුණු සැලකිල්ලට ගනිමින් එම ගැටලුව සම්බන්ධයෙන් ඇමරිකා පාර්ශ්වයට සහාය වීමට චීනය උපරිමයෙන් කටයුතු කරන බව ද Xie Feng මහතා එහිදී සඳහන් කළේය.

චීන-ඇමරිකා දෙපාර්ශ්වය එකම දිශාවකට ගමන් කළ යුතු අතර, චීනයේ ක්‍රියාමාර්ගයන්ට සහාය ලබා දෙමින් දෙරට අතර සහයෝගීතාවයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට කැපවිය යුතු ය. එමෙන්ම Rahul Gupta මහතා එළඹෙන චීන සංචාරයට සාදරයෙන් පිළිගන්නා බව ද Xie Feng මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම