නායකත්වය සඳහා ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයින් පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට යුරෝපා සංගමය සූදානම් වෙයි
2024-06-19 11:15:08
Share with:

යුරෝපා සංගමයේ නායකත්වය සඳහා ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයින් පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තාවේ.

යුරෝපා සංගමය පසුගිය 17වැනිදා බ්‍රසල්ස් නගරයේ දී නිල නොවන සමුළුවක් පවත්වමින් යුරෝපා සංගමයේ මීළඟ නායකත්වය සඳහා වන පත්වීම් සැලැස්ම සාකච්ඡා කර ඇත. කෙසේ වෙතත්, එදින රාත්‍රියේ පැවති සාකච්ඡාවලින් පසුව, මීළඟ යුරෝපා සංගම් නායකත්වය සඳහා අපේක්ෂකයින් සම්බන්ධයෙන් එකඟතාවකට එළඹීමට ද හැකිව නොමැත.

සමුළුවට පෙර ඒ ඒ පාර්ශ්ව විසින් නිකුත් කරන ලද තොරතුරු අනුව, යුරෝපා සංගමයේ ඉහළම තනතුර සඳහා වන පත්වීම් සැලැස්මේ දී, Ursula von der Leyen යුරෝපා කොමිසමේ සභාපතිනිය ලෙස නැවත තේරී පත්වනු ඇත. හිටපු පෘතුගාල අගමැති António Costa යුරෝපීය කවුන්සිලයේ සභාපති ලෙස සේවය කරයි. වත්මන් යුරෝපා පාර්ලිමේන්තු කථානායක Roberta Metsola අඛණ්ඩව ධුරයේ රැඳී සිටිනු ඇත. එසේම එස්තෝනියානු අගමැති Kaja Kallas යුරෝපා සංගමයේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ පෙළේ නියෝජිතවරිය ලෙසට කටයුතු කරනු ඇති බවද සඳහන් වෙයි.

යුරෝපා සංගමයේ සාමාජික රටවල නායකයින් එළඹෙන 27 වැනිදා සහ 28 වැනිදා බ්‍රසල්ස් හි යුරෝපා සංගම් මූලස්ථානයේදී නැවත හමුවක් පවත්වන අතර එහිදී නායක්තව  නාමයෝජනා පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට  හැකි වනු ඇතැයි පැවසේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම