චීන අග්‍රාමාත්‍යවරයාගේ ඔස්ට්‍රේලියානු සංචාරයෙන් ඵලදායී ප්‍රතිඵල රැසක්
2024-06-18 19:14:16
Share with:

චීන අග්‍රාමාත්‍යවරයාගේ ඔස්ට්‍රේලියානු සංචාරය පිළිබඳ සවිස්තර තොරතුරු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා හා ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය Anthony Albanese මහතා ඊයේ(17) 9 වැනි චීන-ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරුන් අතර වාර්ෂික හමුවට එක් විය. චීනයේ හා ඔස්ට්‍රේලියාවේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ගොඩනැගීමේ 10වැනි සංවත්සරය මේ වසරට යෙදෙන බව ලී ච්‍යං මහතා එහිදී ප්‍රකාශ කළේය. ගෙවී ගිය වසර 10 තුළ දෙරටේ සබඳතාව සංවර්ධනය වීමේදී වැදගත් ම අත්දැකීම් වන්නේ අන්‍යෝන්‍ය ගරුත්වය, වෙනස්කම පිළිගැනීම, අන්‍යෝන්‍ය වාසි සහයෝගිතාවන් ය. ඔස්ට්‍රේලියාව සමග වඩාත් ස්ථීර මෙන් ම ඵලදායී සබඳතාවක් බිහි කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ලී ච්‍යං මහතා අවධාරණය කළේය. චීන ඔස්ට්‍රේලියා විස්තීරණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව අනුගමනය කරමින් දෙරටේ සබඳතාව වර්ධනය කිරීමේ ප්‍රවණතාව තහවුරු කිරීමට දෙරටේ අග්‍රාමාත්‍යවරු එකඟ වූහ. මේ වසරේ චීන ඔස්ට්‍රේලියා උපායමාර්ගික සංවාදය යළි ආරම්භ කිරීම පිළිබඳව දෙපා‍ර්ශ්වය තහවුරු කර තිබේ. 2025 වසරේ චීන-ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරුන් අතර වාර්ෂික හමුව පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත. ඔස්ට්‍රේලියාව ඒකපාර්ශ්වික වීසා නිදහස් කිරීමේ ලැයිස්තුවට චීනය එක් කරයි. සංචාර, වාණිජ හා ඥාතීන් හමුවීම සඳහා පුද්ගලයන්ට වසර 3නේ සිට වසර 5ක් දක්වා බහුවිධ ඇතුල් වීමේ වීසා නිකුත් කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ.

එම හමුවෙන් පසු දෙරටේ අග්‍රාමාත්‍යවරුන් ඉදිරියේ ද්විපාර්ශ්වික සහයෝගිතා ලේඛන බොහොමයක් අත්සන් තබා ඇත. එමෙන්ම දෙපාර්ශ්වය චීන ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරුන්ගේ වාර්ෂික හමුවේ ඒකාබද්ධ ප්‍රතිඵල නිවේදනය ද නිකුත් කර තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම