චීනයේ මානව හිමිකම් පිළිබඳ දැක්ම සහ ස්ථාවරය විග්‍රහ කෙරේ
2024-06-18 10:13:30
Share with:

චීන - යුරෝපා මානව හිමිකම් පිළිබඳ සංවාදයේ දී චීනයේ මානව හිමිකම් පිළිබඳ  දැක්ම සහ ස්ථාවරය විග්‍රහ කෙරේ.

චීන විදේශ අමාත්‍යවරයාගේ සහකාර Miao Deyu මහතා සහ යුරෝපා සංගමයේ විදේශ කටයුතු කාර්යාලයේ ආසියා-ශාන්තිකර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ Paola PAMPALONI මහත්මිය අතර හමුවක් ඊයේ (17) බෙයිජිං අගනුවර දී පැවැත්විණ.PAMPALONI මහත්මිය චීනයට පැමිණියේ චීන-යුරෝපා මානව හිමිකම් පිළිබඳ සංවාදයට එක්වීම සඳහා යි. 

චීනයේ මානව හිමිකම් පිළිබඳ දැක්ම හා ජයග්‍රහණ පිළිබඳව Miao Deyu මහතා එහිදී පුළුල් ලෙස විස්තර කළේය. චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාවට හදවතින්ම සේවය කිරීම සඳහා කැප වී සිටී. ජනතාවගේ සැපවත් දිවිපෙවෙත විශාලතම මානව හිමිකම බව චීන කොමියුනිස්ට් පක්ෂයේ පිළිගැනීම යි. යුගයට ගැලපෙන, තම රටේ තත්ත්වයට අනුකූල මානව හිමිකම් සංවර්ධන මාර්ගය ඔස්සේ රටේ මානව හිමිකම් කටයුතු ඓතිහාසික ජයග්‍රහණ දිනා ගත් බව ද හෙතෙම පැවසීය. 

මේ අතර, චීන -යුරෝපා මානව හිමිකම් සංවාදය චීන විදේශ අමාත්‍යාංශයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Shen Bo මහතා සහ Paola PAMPALONI මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 16 වැනිදා චීනයේ Chongqing නුවර දී පැවැත්විණ. යුරෝපා සංගමය මෑතක දී නිකුත් කළ 2023 වසරේ යුරෝපා සංගමයේ ගෝලීය මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වාර්ෂික වාර්තාවේ පළ වූ චීනය හා සම්බන්ධ කරුණු මෙන්ම චීනයේ හොංකොං හා මැකෞ විශේෂ පරිපාලන කලාප දෙක හා සම්බන්ධ වාර්තා කෙරෙහි එහිදී චීනය දැඩි විරෝධය පළ කළේය. චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය, ටිබේට් ස්වායත්තය, හොංකොං විශේෂ පරිපාලන කලාපීය කටයුතු හා ඇතැම් අධිකරණ ක්‍රියාමාර්ග යන සියල්ල චීනයේ අභ්‍යන්තර කටයුතු වේ. එවැනි කටයුතුවලට බාහිර මැදිහත්වීම් සඳහා චීනය ඉඩ නොතබයි. සත්‍යය සහ චීන ජනතාව ස්වාධීනව තෝරා ගත් මානව හිමිකම් සංවර්ධන මාර්ගය යුරෝපා සංගමය ගරු කළ යුතුය. මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම වහා නතර කරන ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටී.  

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම