චීනය සහ යුනෙස්කෝව ‘මහා ප්‍රාකාරය’ ශිෂ්‍යත්ව වැඩසටහනේ නව ගිවිසුම් සඳහා අත්සන් තබයි
2024-06-18 10:58:40
Share with:

චීන අධ්‍යාපන අමාත්‍යාංශය සහ යුනෙස්කෝ සංවිධානය සම අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාවට නංවන ‘මහා ප්‍රාකාරය’ ශිෂ්‍යත්ව වැඩසටහනේ මීළඟ අදියර සඳහා ගිවිසුම් අත්සන් තැබේ.

චීන අධ්‍යාපන අමාත්‍ය Huai Jinpeng මහතා සහ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Audrey Azoulay මහත්මිය ඊයේ (17) අදාළ ගිවිසුම යළි බලගැන්වීම සඳහා අත්සන් තැබූහ. ඒ,  ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේ දී ය.

Azoulay මහත්මිය චීනය සහ යුනෙස්කෝව අතර පවතින දිගුකාලීන සමීප සහයෝගිතාව එහිදී බෙහෙවින් අගය කළාය. ‘මහා ප්‍රාකාරය’ ශිෂ්‍යත්ව වැඩසටහන දෙරට අතර අධ්‍යාපනික සහයෝගිතාව සඳහා සාර්ථක උදාහරණයක් බව ද ඇය කියාසිටියාය.

‘මහා ප්‍රාකාරය’ ශිෂ්‍යත්ව වැඩසටහන 1994 වසරේ දී ආරම්භ කෙරිණ. එමගින්, සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණ සිසුන් සහ විද්වතුන් 75 දෙනෙකුට චීනයට පැමිණ උපාධි අධ්‍යයන සහ පර්යේෂණ සඳහා අවස්ථාව සලසා දෙනු ලැබේ. මෙම ශිෂ්‍යත්ව පිරිනැමෙන්නේ වසරක කාලයක් සඳහා යි.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම