G7 ප්‍රකාශය චීනයට මඩ ගැසීමේ අරමුණෙන් පමණක් ඉදිරිපත් කර ඇතැයි චීන විදේශ අමාත්‍යංශය පවසයි
2024-06-18 10:17:09
Share with:

G7 ප්‍රකාශය නැවත වරක් චීනය සම්බන්ධ ප්‍රශ්න උද්දීපනය කරමින් සත්‍ය පදනමක්, නීතිමය පදනමක් සහ කිසිදු සදාචාරාත්මක හැඟීමක් නොමැති පදනම් විරහිත චෝදනා සහිතව චීනයට මඩ ගැසීමේ අරමු‍ණෙන් ඉදිරිපත් කර ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් මහතා පවසයි.

චීන නැගෙනහිර මුහුද, දකුණු චීන මුහුද, හොංකොං, චීන ටිබේට‍ය, තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය පිළිබඳව වගකීම් විරහිතව ඉදිරිපත් කෙරුණු  G7 නායකයින්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා මේ බව පැවසීය. G7 යනු සමස්ත ලෝකය නියෝජනය කරන පිරිසක් නොවන අතර ඔවුන් නියෝජනය කරනුයේ ලෝක ජනගහනයෙන් සියයට 10 ක් පමණක් බවද හෙතෙම සඳහන් ක‍ළේය.

වසරින් වසර, ගෝලීය ආර්ථිකයේ ඔවුන්ගේ කොටස අඛණ්ඩව පහත වැටෙමින් පවතී. ඔවුන් ඒකාබද්ධ වුවද, ගෝලීය ආර්ථික වර්ධනයට චීනයට වඩා අඩු දායකත්වයක් සපයයි. මිලදී ගැනීමේ බලයේ සමානාත්මතාවය අනුව ඔවුන්ගේ ආර්ථික සමස්තය දැනටමත් BRICS රටවල් විසින් අභිබවා ගොස් ඇති බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේය. G7 කණ්ඩායම ලෝකයේ සාම සංවර්ධන ප්‍රවණතාවට එරෙහිව ක්‍රියා කරන බවද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම