2023 වසරේ චීනයේ ගමනාගමන යටිතල පහසුකම් ආයෝජන වටිනාකම වාර්තාගත ලෙස ඉහළට
2024-06-18 11:24:14
Share with:

පසුගිය වසරේ චීනය ගමනාගමන යටිතල පහසුකම් සඳහා ආයෝජනය කළ වටිනාකම වාර්තාගත ඉහළ අගයක් පෙන්නුම් කරයි.

චීන ගමනාගමන හා ප්‍රවාහන අමාත්‍යංශය අද(18) ‘2023 වසරේ ගමනාගමන හා ප්‍රවාහන කර්මාන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳ සංඛ්‍යාලේඛන’ නිකුත් කළේය. ඒ අනුව, පසුගිය වසරේ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා ආයෝජනය කළ වටිනාකම දළ වශයෙන් දෛනික ව යුවාන් බිලියන 10.7 වන අතර එය නව වාර්තාගත අගයක් ලෙස ඉතිහාසයට එක් වීම ද විශේෂත්වයකි.

2023 වසර වනවිට චීනයේ සමස්ත ප්‍රවාහන ජාලයේ සම්පූර්ණ දුර ප්‍රමාණය සැතපුම් කිලෝමීටර් ලක්ෂ 60 ඉක්වමා තිබේ. ලොව විශාලතම අධිවේගී දුම්රිය ජාලය, අධිවේගී මහා මාර්ග ජාලය, තැපැල් සේවා හා අධිවේගී භාණ්ඩ බෙදා හැරීමේ ජාලය මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ වරාය සමූහය ද ඉදි කර තිබීම ද කැපී පෙනේ.

එසේ ම, පසුගිය වසරේ නාගරික ප්‍රදේශවල දුම්රිය ගමනාගමන ජාලයේ මෙහෙයුම් සැතපුම් ගණන කිලෝමීටර් 604කින් වැඩි වී ඇති අතර, ප්‍රතිසංස්කරණය කළ ග්‍රාමීය ප්‍රදේශවල මහා මාර්ග සැතපුම් ‍ප්‍රමාණය ද කිලෝමීටර් එක්ලක්ෂ අසූඅටදහසක් දක්වා ළඟා වී ඇත. මේ අතර ග්‍රාමීය ප්‍රදේශයන්ට තැපැල් සේවා පහසුකම් ද සපයා තිබීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම