ටිබෙටය චීන දේශභූමියේ කොටසක් බව චීනය ඇමරිකාවට අවධාරණය කරයි
2024-06-18 19:10:35
Share with:

ඇතැම් ඇමරිකා මන්ත්‍රීවරුන් 14 වැනි Dalai Lama හමු වීම සහ  මෑතකදී ඇමරිකා කොංග්‍රසය චීනයේ ටිබෙටය පිළිබඳ පනත සම්මත කර ගැනීම සම්බන්ධයෙන් චීනය සිය අදහස් පළ කරයි. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(18) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ ටිබෙටයේ කටයුතු චීන අභ්‍යන්තර කටයුතු වන අතර කිසිදු බාහිර බලවේගයක් ඊට මැදිහත් වීමට අවස්ථා ලබා ‍නොදෙන බවයි.

14 වැනි Dalai Lama හුදු ආගමික ශාස්තෘවරයෙක් ‍නොවන බවත්,  ඔහු ආගම මුවාවෙන් චීනයට එරෙහිව බෙදුම්වාදී මෙහෙයුම්වල නිරත වන දේශපාලන සරණාගතයෙකු බවත් Lin Jian මහතා කීය. ටිබෙටය අතීතයේ සිට චීන දේශභූමියේ කොටසකි. මේ බව පිළිගෙන ටිබෙටයේ ස්වාධීනත්වයට අනුබල නොදෙන පොරොන්දුව කඩ නොකරන ලෙසත් අදාළ පනතට අත්සන් නොතබන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව  Lin Jian මහතා අවධාරණය කළේය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම